8,000කට අධික පිරිසක් පාලනය කළ රට අද තුන්දෙනක් නිවැරදි ලෙස පවත්වාගෙන යන බව ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක විශ්‍රාමික මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ ඊයේ (27) බද්දේගමදී පැවති ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක කණ්ඩායමේ ජය තහවුරු කිරීමේ මහජන රැලිය අමතමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක විශ්‍රාමික මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු,
“පසුගිය කාලයේ සිටි දේශපාලනඥයන් ජාතික ජන බලවේගයේ පිබිදීම මර්දනය කිරීම සඳහා ඔවුන්ගේ මාධ්‍ය බලය භාවිත කරමින්, විවිධ මඩ ප්‍රචාර සමාජගත කළා. ජාතික ජන බලවේගය බලයට පත් වුවහොත්, ආර්ථිකය බිඳවැටේවි, ඩොලරය රුපියල් හාරසියයට යාවි, කොටස් වෙළෙඳපොළ කඩාවැටේවි, ජාත්‍යන්තර සබඳතා බිඳවැටේවි, පෝලිම් යුගයක් ඇති වේවි, කැරැලි කෝලාහල ඇති වේවි ආදී වැරදි ප්‍රචාර සමාජගත කළා. නමුත්, ජාතික ජන බලවේගයේ සියලුම පිරිස් කොට්ඨාස සභා පිහිටුවමින්, ජනතාව හමුවට යමින්, නිවැරදි කරුණු සමාජගත කළා. ඒ නිසා සියයට තුනේ තිබුණු ඡන්ද ප්‍රතිශතය සියයට 42 ඉක්මවා යමින්, ජාතික ජන බලවේගයේ නායක, අනුර කුමාර දිසානායක මැතිතුමා ජනාධිපති ලෙස පත් කරගත හැකි වූවා. ඒ වාගේම දූෂිත දේශපාලනඥයන් හැටකට අධික පිරිසක් ඒ කතිර බලයෙන් ඉවත් කරන්න හැකි වුණා. ඉන් පසුව මේ වන විට ජනාධිපතිවරයා, අගමැතිවරිය සහ එක් අමාත්‍යවරයකුගෙන් රට පාලනය ගෙන යමින් සිටිනවා. මන්ත්‍රීවරුන්, ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන් ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන පිරිස වාගේම පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයන් 8,000කට අධික පිරිසක් පාලනය කළ රට අද තුන්දෙනක් ඉතා සංයමයකින් යුතුව නිවැරදි ලෙස පවත්වාගෙන යනවා. ජනතාව බලාපොරොත්තු වූ සහන ක්‍රමක්‍රමයෙන් ලබා දෙමින් පවතිනවා. විශේෂයෙන්ම පසුගිය කාලයේ අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා. ඉදිරියේ දී ජනාධිපතිවරයා වෙත ශක්තිමත් බහුතර බලයක් සහිත පාර්ලිමේන්තුවක් ලබා දිය යුත්තේ, ඔබ ප්‍රාර්ථනා කරන ශ්‍රී ලංකාව ගොඩනැඟීමටයි. ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනා සමඟ ‘අදිටන’ ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සාමුහිකය අත්වැල් බැඳගෙන ක්‍රියා කරනවා. 40,000කට ආසන්න ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සාමාජිකයන් විශ්‍රාම ගැන්වීමෙන් පසුව මේ රට ගොඩනැඟීමේ කටයුතුවලට උර දී සිටිනවා.”











