කුලියාපිටිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය පැමිණිල්ලක් විභාග කරමින් සිටියදී වගඋත්තරකරුට පහරදීමට තැත්තකිරීම සම්බන්ධයෙන් කුලියාපිටිය මූලස්ථාන පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කුලියාපිටිය දිසා අධිකරණය නියෝග කර ඇති බව කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
කුලියාපිටිය සහකාර පොලිස් අධිකාරී I විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරමින් සිටියදී කුලියාපිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂක ඉකුත් 24 වනදා සවස 6.30ට පමණ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් පොලිසියෙන් පිටව යන බවට සටහනක් යොදා පිටව ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබී ඇත.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 25 වනදා කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව නඩුව දිසා අධිකරණයට යොමු කර ඇති අතර සැකකාර මූලස්ථාන පොලිස් පරීක්ෂක අත්අඩංගුවට ගෙන ලබන මස 08 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කර තිබෙන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය වැඩිදුරටත් පවසයි.










