මැරිච්ච රටට පණ දෙන්නේ මේ පණ තියෙන කතිරයෙන් – ඩබ්ලිව්. කරුණාතිලක

මැරිච්ච රටට පණ දෙන්නේ මේ පණ තියෙන කතිරයෙන් – ඩබ්ලිව්. කරුණාතිලක

මැරිච්ච රටට පණ දෙන්නේ මේ පණ තියෙන කතිරයෙන් යැයි ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් විධායක සභික, විශ්‍රාමලත් විදුහල්පති, රත්නපුර දිස්ත්‍රික් අපේක්‍ෂක, ඩබ්ලිව්. කරුණාතිලක අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ ඊයේ (26) ගොඩකවෙලදී පැවති ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරිමේ ජන රැලිය අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් විධායක සභික, විශ්‍රාමලත් විදුහල්පති, රත්නපුර දිස්ත්‍රික් අපේක්‍ෂක, ඩබ්ලිව්. කරුණාතිලක,

“පසුගිය 21 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් අපේම ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමෙන් පසුව නොවැම්බර් 14 වැනිදා පැවැත්වෙන මහා මැතිවරණයෙන් ජාතික ජන බලවේගයේ බහුතර බලයක් සහිත ප්‍රබල ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් අප සියලු දෙනා පෙළගැසී සිටිනවා. පසුගිය ජනාධිපතිවරණය වාගේම එළැඹෙන මහා මැතිවරණයත් තීරණාත්මකයි. අප මෙතෙක් කල් දැක්කේ ආණ්ඩු නෙවෙයි. මෙරට ඉතිහාසයේ පළමුවරට ජනතාවාදී ආණ්ඩුවක් දකින්නේ ලබන මස 14 වැනිදා ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගෙන් ශක්තිමත් බහුතර බලයක් සම්පූර්ණ කරගත් පසුවයි. මේ දක්වා අපි ආණ්ඩු කියලා දැක්කේ අවුරුදු පහෙන් පහට මේ රට මංකොල්ල කන කල්ලි දෙකක්. එයට එරෙහිව ලබන මාසයේ 14 වැනිදා ඔබේ ආණ්ඩුවක් පිහිටුවා ගන්නවා. ඒ නිසයි, එළැඹෙන මහා මැතිවරණය තීරණාත්මක ඡන්දයක් වෙන්නේ. මේ පවත්වන්නේ ඡන්දයක් විතරක් නෙවෙයි, පින්කමක්. සියලු ජනීජනයා දුකට පත්වී සිටින අවස්ථාවේ ඒ දුකින් මුදාගැනීමේ පින්කමයි, මහා මැතිවරණයේදී අප ඉටු කරන්නේ. වෙනදා ගැසූ අජීවී කතිරය නෙවෙයි මෙවර ඔබ ගහන්නේ. පණ තියෙන කතිරයක්. මැරිච්ච රටට පණ දෙන්නේ මේ පණ තියෙන කතිරයෙන්. පසුගිය 21වැනිදා අපේ ජනාධිපතිවරයෙක් පත් කර ගත්තේ, සියලු වාද බේද පැත්තකකින් තියලා. ඒ වාගේම සියල්ලන්ගේ සහභාගීත්වයෙන් ජනතාවාදී ආණ්ඩුවක් අපේ ජීවමාන ඡන්දයෙන් පත්කර ගමු. මියගිය රටට යළි පණදී ගොඩනඟන, සංවර්ධනය කරා ගෙනයන ආණ්ඩුවක් පිහිටුවීමේ අරමුණින් අපි මේ මැතිවරණයේ දී ඡන්දය පාවිච්චි කරමු.”

Facebook
Twitter
LinkedIn