ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ධුර බේදී ගිය අයුරු…

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ධුර බේදී ගිය අයුරු…

ඊයේ (26) පැවති ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර ඇති අතර ඒ අනුව ජාතින ජන බල වේගය ඡන්ද 17,295ක් ලබා ගෙන මන්ත්‍රී ධුර 15ක් හිමි කරගෙන තිබේ.

ඊට අමතරව, සමගිජනබලවේගය ජන්ද 7,924ක් ලබාගෙන මන්ත්‍රි ධුර 06ක්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 3,597ක් ලබාගෙන මන්ත්‍රි ධූර 03ක්ද, පොදුජන එක්සත් පෙරමුණ ජන්ද 2,612ක් ලබාගෙන මන්ත්‍රි ධුර 02ක්ද, ස්වාධීන කණ්ඩායම ජන්ද 2,568ක් ලබාගෙන මන්ත්‍රි ධුර 02ක්ද, පොදුජන එක්සත් නිදහස් සන්ධානය ජන්ද 1,350ක් ලබාගෙන මන්ත්‍රි ධුර එකක්ද, ජාතික ජනතා පක්ෂය ජන්ද 521ක් ලබාගෙන මන්ත්‍රි ධුර 01ද ලබාගෙන ඇත.

මීට අමතරව මේ සඳහා ඉදිරිපත් වූ දෙවන පරපුර ජන්ද 388ක් ද ජනසෙත පෙරමුණ ජන්ද 50ක්ද ලබාගෙන ඇති අතර එම පක්ෂ දෙක සඳහා මන්ත්‍රීධුර කිසිවක් හිමිවී නැත.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මුළු කොට්ඨාශ ගණන 17කි.

සභාවේ මුළු සභිකයන් ගණන 28ක් වන අතර සමානුපාතික ක්‍රමය යටතේ සභිකයන් 13දෙනෙකු තෝරාගෙන ඇති අතර ඒ අනුව මෙවර සභිකයන් 30 දෙනෙකු තේරීපත්වූ බව ගාල්ල මැතිවරණ කොමසාරිස් පවසයි.

Facebook
Twitter
LinkedIn