ඇල්පිටිය ප්රාදේශීය සභාවට නවක සභිකයන් තෝරාපත්කර ගැනීම සඳහා අද (26) පැවති ජන්ද විමසීමෙන් ජාතික ජනබලවේගය විශිෂ්ඨ ජයක් හිමිකරගෙන තිබේ.
මැතිවරණ ලේකම් කාර්යාලය සඳහන් කරන පරිදි කොට්ටාස 17කින් සමන්විත ඇල්පිටිය ප්රාදේශීය සභාවේ කොට්ඨාස 15කම බලය හිමිකරගැනීමට ජාතික ජන බලවේගය සමත්ව තිබේ.
අනෙක් ඉතිරි කොට්ඨාස දෙකේ බලය හිමි කරගෙන ඇත්තේ සමගි ජන බලවේගයයි. සමගි ජන බලවේගයට බලය හිමිව ඇත්තේ පිටුවල හා අවිත්තාව යන කොට්ඨාසවලය.
සභාවේ මුළු සභිකයන් ගණන 28ක් වන අතර මින් 11 දෙනකු සමානුපාතික ක්රමය යටතේ තෝරා ගැනීමට නියමිතය.
මෙම ඡන්ද විමසීමේ අවසන් ප්රතිඵලය මැතිවරණ කොමසාරිස් විසින් ප්රකාශයට පත්කිරීමට නියමිතය.
ඡන්ද ප්රතිඵල නැරඹීමට පිවිසෙන්න – https://results.elections.gov.lk/ward_results.php?ward=Omaththa&ward_no=2
Views: 0










