රනිල්ට එරෙහිව නඩු !

රනිල්ට එරෙහිව නඩු !

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දැරීම නිසා හිමිව තිබූ මුක්තිය අවසන් වීමත් සමඟ අධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතින නඩු ගණනාවක වගඋත්තරකරුවකු වී සිටින බව අනාවරණය වේ.

අනුප්‍රාප්තික ජනාධිපති ලෙස කටයුතු කළ සමයේ මෙන්ම එයට පෙර සිදු කරන ලද ක්‍රියා සම්බන්ධයෙන් වගඋත්තරකරුවකු වී සිටී. මේ අතුරින් මූලික වී තිබෙන්නේ 2022 වසරේ අගෝස්තු මස සමාජවාදී තරුණ සංගමය පවත්වන ලද විරෝධතා ව්‍යාපාරයකට පොලිසිය යොදවා පහර දීම සම්බන්ධයෙනි. එමඟින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන ලද බවට ඉදිරිපත් කරන ලද පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතී.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරෙයිරාජා, කුමුදුනී වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ එම පෙත්සම විභාග වෙමින් පවතී. රනිල් වික්‍රමසිංහට අමතරව කුරුඳුවත්ත සහ කොම්පඤ්ඤවීදිය පොලිසිවල ස්ථානාධිපතිවරුන් ඇතුළු පිරිසක් මෙම පෙත්සමෙන් වගඋත්තරකරුවන් කර තිබේ. එය 2025 ජුනි 17 වැනි දින නැවත විභාග කිරීමට දින ලබා දී තිබේ.

Facebook
Twitter
LinkedIn