මේ වනවිට පොලිස් සේවයේ යෙදී සිටින පිරිසගෙන් 45%ක් පමණ දෙනා බෝ නොවන රෝගවලින් පෙළෙන
බව 2021 වසරේ දී කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.
මේ පිළිබඳව තොරතුරු වැඩ බලන පොලිස්පති, ප්‍රියන්ත වීරසූරිය හෙළිදරවු කර ඇත. 85,000ක් පමණ වන පොලිස් සේවයේ පිරිස අතුරින් 45%ක් යනු ඉතා විශාල ප්‍රමාණයක් ය. මේ අතර, සේවයේ යෙදී සිටිය දී, මසකට නිලධාරීන් 17 දෙනකු පමණ මිය යන බවත්, වසරකට 23 දෙනකු සිය දිවි නසා ගන්නා බවත් වැඩ බලන පොලිස්පතිවරයා හෙළි කර ඇත.
මෙම තත්ත්වයෙන් පොලිස් නිලධාරීන් මුදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක් වී ඉදිරි පියවර ගැනීම කෙරෙහි අවධානය යොමු කර ඇතැයි වැඩි දුරටත් ඔහු හෙළි කර ඇත.
Views: 0










