නොවැම්බර් මස 14 වැනි දින පැවැත්වීමට නියමිත මහා මැතිවරණයේ දී කුමන්ත්රණකාරී ලෙස ප්‍රචාරයක් ලබා ගැනීමට උදය ගම්මන්පිල පාස්කු දා ප්‍රහාරය යොදා ගැනීම සම්බන්ධයෙන් තව දුරටත් තොරතුරු හෙළි වී තිබේ.
එම ප්‍රහාරය වළක්වා නොගැනීම පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, රවී සෙනෙවිරත්නට එරෙහිව උදය ගම්මන්පිල ප්‍රචාරයක් ගෙන යමින් සිටී. එම ප්‍රචාරය සඳහා පදනම් කරගෙන තිබෙන්නේ ජයිකි අල්විස්ගේ මූලිකත්වයෙන් රනිල් වික්‍රමසිංහ විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව ය. ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සාමුහිකය මෙම වසරේ ජුනි මස 09 වැනි දින ආරම්භ කිරීමේ දී රවී සෙනෙවිරත්න මුල්පෙළේ ක්රියාකාරීත්වයක් දැරී ය. ඒ සමඟම රනිල් වික්‍රමසිංහ ජුනි 12 වැනි දින ජයිකි ද අල්විස් කමිටුව පත් කළ අතර, එම වාර්තාව පදනම් කර ගනිමින්, උදය ගම්මන්පිල විසින් දේශපාලන කුමන්ත්‍රණයක් දියත් කර තිබේ.
මේ අතර, රවී සෙනෙවිරත්නට සහ ශානි අබේසේකරට එරෙහිව චෝදනා එල්ල කිරීම පිටුපස තිබෙන කුමන්ත්‍රණය පිළිබඳව ගවේෂණාත්මක වාර්තාවක් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ‘දිනමිණ’ පුවත් පතට සපයා ඇත. එම ලිපියට මෙතනින් පිවිසෙන්න…










