අපේ ආණ්ඩුවෙන් ජනතාවගේ ගුණාත්මක සෞඛ්‍ය සේවා අයිතිය තහවුරු කරනවා – වෛද්‍ය සුනිමල් ජයකොඩි

අපේ ආණ්ඩුවෙන් ජනතාවගේ ගුණාත්මක සෞඛ්‍ය සේවා අයිතිය තහවුරු කරනවා – වෛද්‍ය සුනිමල් ජයකොඩි

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවෙන් ජනතාවගේ ගුණාත්මක සෞඛ්‍ය සේවා අයිතිය තහවුරු කරන බව ජාතික විද්වත් සංවිධානයේ පුත්තලම් දිස්ත්‍රික් කමිටු සාමාජික, වෛද්‍ය සුනිමල් ජයකොඩි අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ ලබන 14 වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින්ගෙ ජය තහවුරුකිරීමින් ඊයේ (24) හලාවත වෙරළ උද්‍යානයේ පැවති ජන රැලිය අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික විද්වත් සංවිධානයේ පුත්තලම් දිස්ත්‍රික් කමිටු සාමාජික, වෛද්‍ය සුනිමල් ජයකොඩි,

“පසුගිය ජනාධිපතිවරණයේදී අප ලැබූ ඓතිහාසික ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා මහා මැතිවරණය යොදා ගන්නා මෙන් ඉල්ලා සිටිනවා. දශක ගණනාවක් පුල පුලා බලා සිටි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවීමේ අවස්ථාව අපට ලැබී තිබෙනවා. අපේ රජයෙන් සෞඛ්‍ය ක්‍ෂේත්‍රය නඟාසිටුවීමේ අවශ්‍යතාව ගැන මම කෙටියෙන් පැහැදිලි කරන්නම්.

සෞඛ්‍යය කියන්නේ කායික, මානසික, ආධ්‍යාත්මික වාගේම සමාජයීය වශයෙන් ලබා ගන්නා නිරෝගීතාවයි. ලංකාවේ ජනගහනයෙන් සියයට 20ක් දියවැඩියා රෝගයෙන් පෙළෙනවා. දියවැඩියාව කියන්නේ රෝග ගණනාවක එකතුවක්. ඒ වාගේම ශාරීරික සහ මානසික සෞඛ්‍යය පිරිහීමේ ප්‍රතිඵලයක් හැටියට වයස අවුරුදු පහට ළමා පරපුර සියයට 40ක් මන්දපෝෂණයෙන් පෙළෙනවා. පවතින මානසික පීඩනයෙන් මිදීමට තරුණ පරපුර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී, පවුල් කඩාවැටී, සමාජයම බිඳවැටීමට ලක්වී තිබෙනවා. මම ජීවත් වන වනාතවිල්ලුව ප්‍රදේශයේ පල්ලියට පවා යන්න බැරි තත්වයේ විවිධ ගැටුම් පවතිනවා. සාමාජික සෞඛ්‍යය පිරිහීමේ ප්‍රතිඵලයක් ඒක. නමුත්, එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් ප්‍රඥප්තිය අනුව සෞඛ්‍යය කියන්නේ මූල්‍ය අපහසුතාවකින් තොරව ගුණාත්මකව ලබාගත යුතු අයිතියක් බව පිළිගෙන තිබෙනවා. කාර්යක්‍ෂම සෞඛ්‍ය සේවයක් ලබාදීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මූලිකත්වය දී ක්‍රියා කරනවා. ඉදිරි අනාගතයේ දී ශක්තිමත් සෞඛ්‍ය සේවයක් ලබාදීම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ විශේෂයෙන් සිදු කරන බව අප තහවුරු කරනවා.”

Facebook
Twitter
LinkedIn