රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) නියෝජිතයින් සහ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් ඊයේ (24) පස්වරුවේ අගමැති කාර්යාලයේදී සිදුව තිබේ.
වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය පද්ධතිය මුහුණ දෙන ගැටළු පිළිබඳ මෙහිදි අගමැති සිය අවධානය යොමු කර ඇති අතර යහපත් සෞඛ්‍ය සේවාවක් පවත්වා ගැනීම වෙනුවෙන් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉදිරි සැලැස්ම අගමැති වෙත පිළිගැන්වීමද සිදු කර ඇත.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන්, ලේකම් ප්‍රභාත් සුගතදාස සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාවේ නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටි බව අගමැති මාධ්‍ය අංශය පවසයි.

Views: 0










