ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මියන්මාර තානාපති මාලර් තන් ටයික් (Marlar Than Htaik) අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (25) පෙරවරුවේ සිදු කර තිබේ.
ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක ත්තවය පිළිබඳ මෙහිදී තානාපතිනිය දැනුවත් කර ඇති ජනාධිපති අනුර කුමාර දිසානායක සංචාරකයින්ගේ සහ පුරවැසියන්ගේ ආරක්ෂාව මේ වනවිටත් තහවුරු කර ඇති බවද පෙන්වා දී ඇත.
මිනිස් ජාවාරම්කරුවන් විසින් මියන්මාරයේ රඳවා ගෙන සිටිනු ලබන ශ්‍රී ලාංකිකයන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී තානාපතිවරිය සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
ශ්‍රී ලංකාව සහ මින්මාරය අතර පවතින වසර 75ක රාජ්‍යතාන්ත්‍රික සබඳතාව සහ දිගුකාලීන සංස්කෘතික සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීමට මියන්මාර රජය කැප වී කටයුතු කරන බව තානාපතිවරිය සඳහන් කර ඇත.
කෘෂිකර්ම, අධ්‍යාපන සහ සංස්කෘතික යන ක්ෂේත්රවල ප්‍රවර්ධනය වෙනුවෙන් දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීමේ වැදගත්කමද මෙහිදී තානාපති මාලර් තාන් ටයික් පෙන්වා දී තිබේ.
ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති කාර්යාලයේ උපදේශකවරුන් වන ලෙයී ඊ වින් (Lei Yi Win), තෙට් ෂෝ ටෝ (Thet Zaw Toe) යන නිලධාරීන්ද මෙම සාකච්ඡාවට එක්ව සිට බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.












