හිටපු රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ පාදෙණිය අනුරාධුපර ප්‍රධාන මාර්ගයේ දංගහමුල හන්දිය ප්‍රදේශයේදී රිය අනතුරකට ලක්ව ඇති අතර අනතුරට ලක්වූ ඩිෆෙන්ඩර් රථය තුළ රිපීටර් වර්ගයේ ගිනි අවිදෙක් සහ පිස්තෝලයක් අතුළු ගිනි අවි තුනක් හමු වී ඇත.
ලැබෙන තොරතුරු අනුව වාර්තා වන්නේ රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් ඒ අසළ තිබූ බස්නැවතුම්පොළක් තුළට ඩිෆෙන්ඩර් රථය කාඩාවැදී ඇති බවය.
බස්නැවතුම්පොළ මුලුමුනින්ම විනාශ වී ඇති අතර හිටපු රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේට අනතුරක් සිදුව නැති අතර වෙනත් තුවාල කරුවන් පිළිබඳ තොරතුරක්ද වාර්තා නොවේ.
මේ වනවිට ඩිෆෙන්ඩර් රථයේ රියදුරු වාරියපොල පොලිස්ථානය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු බීමතින් සිටිත්දැයි පරීක්ෂා කර බලා ඔහුද පොලිස් ඇප මත නිදහස් කරන බව වාරියපොල පොලිසිය සඳහන් කරයි.
Views: 0










