රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, අගමැති හමුවෙයි

රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, අගමැති හමුවෙයි

රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ (AMS) නියෝජිතයින් සහ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ඊයේ (24) පස්වරුවේ අගමැති කාර්යාලයේදී සිදුකර තිබේ.

රජයේ රෝහල්වල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටළු පිළිබඳව මෙහිදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අගමැති ආචාර්ය හරිනි අමරසූරියේගේ අවධානයට යොමු කර ඇත.

මෙම අවස්ථාවට රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ඒ.ඩී.කේ.එස් යසවර්ධන, ලේකම් ඥානසේකරම් ඇතුළු රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සමාජිකයින් පිරිසක් සහභගී වූ බව අගමැති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn