ගාසා තීරයේ පුළුල් සටන් විරාමයක් ඇති කළ යුතු – චීන ජනපති අවධාරණය කරයි

ගාසා තීරයේ පුළුල් සටන් විරාමයක් ඇති කළ යුතු – චීන ජනපති අවධාරණය කරයි

ගාසා තීරයේ පුළුල් සටන් විරාමයක් ඇති කළ යුතු බවත්‍ පලස්තීනයේ සහ ලෙබනනයේ දුක්ඛිත තත්වයන් අවසන් කළ යුතු බවත් ඊයේ (24) රුසියාවේ කසාන්හිදී පැවැති BRICS ප්ලස් නායකයන්ගේ සංවාදය අමතමි චීන ජනාධිපති ෂී ජින්පිං අවධාරණය කර තිබේ.

මානව සංහතිය වෙනුවෙන් හවුල් අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම සඳහා ගෝලීය දකුණේ බලවත් බලවේග පෙළගැස්විය යුතු බවද ඔහු එහිදී සඳහන් කර ඇත.

ගෝලීය දකුණේ සාමූහික නැගීම ලොව පුරා සිදු වූ මහා පරිවර්තනයේ සුවිශේෂී ලක්‍ෂණයක් බවත්, ගෝලීය දකුණු රටවල් නවීකරණය කරා එකට ගමන් කිරීම ලෝක ඉතිහාසයේ පෙර නොවූ විරූ දෙයක් බවත්‍ එය මානව ඉතිහාසයේ සන්ධිස්ථානයක් වන බවත් චීන ජනාධිපති ෂී ජින්පිං එහිදී සඳහන් කර තිබේ.

නවීකරණය කරා යන ගමනේදී ගෝලීය දකුණු රටවල් මුහුණ දෙන දැඩි අභියෝග පිළිබඳ අවධාරණය කර ඇති චීන ජනාධිපති, පොදු ආරක්ෂාව සඳහා සාමය තහවුරු කිරීමට, පොදු සමෘද්ධිය සඳහා සංවර්ධනය යළි ප්‍රබෝධමත් කිරීමට සහ විවිධ ශිෂ්ටාචාරවල සහජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා වන ඒකාබද්ධ උත්සාහයක අවශ්‍යතාවද මතු කර ඇත.

මෙවර බ්‍රික්ස් සමුළුව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ප්‍රධානත්වයෙන් රුසියාවේ කසාන්හිදී පැවැත්වේ.

Facebook
Twitter
LinkedIn