නාමල් අලුත් බබෙක් වෙලා !

නාමල් අලුත් බබෙක් වෙලා !

නාමල් රාජපක්‍ෂ සම්බන්ධයෙන් ලැබී තිබෙන පැමිණිල්ලක් පිළිබඳ මූලික පරීක්‍ෂණයක් සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ වෙනස්ම ආකාරයක ළදරු රංගනයක යෙදී අති බව වාර්තා වේ.

ඊයේ (24) මාධ්‍ය හමුවේ ඔහු ප්‍රකාශ කර ඇත්තේ, දේශපාලන දඩයමක් පටන්ගෙන ඇති බව ය. මේ ආකාරයට 2015 වසර ආරම්භයේ දී ද ප්‍රචාර දියත් කළ අතර, එය නව මුහුණුවරකින් ගෙන ඒමට ඔහු ක්‍රියා කර තිබේ. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දීමෙන් පසුව මාධ්‍ය හමුවේ ඔහු කළ ප්‍රකාශයෙන් කොටසක් පහත දැක්වේ :

“අපිව පාවිච්චි කරලා දේශපාලන දඩයම පටන් අරන්. රාජපක්‍ෂලාව හිරේ දාන්න ලෑස්තියි කියලා පැය 8-10ක් ප්‍රශ්න කරලා ජනතාවගේ ප්‍රශ්න යට ගහන්න ලෑස්ති වෙන්න එපා” යනුවෙන් ඔහු ප්‍රකාශ කර ඇත. එහෙත්, මෙයට සතියකට පමණ පෙර ඔහුම ප්‍රකාශ කර සිටියේ ඕනෑම පරීක්‍ෂණයකට මුහුණ දීමට තමන් සූදානම් බව ය. නමුත්, අදාළ නෛතික ක්‍රියාමාර්ගවල දී ‘දේශපාලන දඩයම’ යන්න නැවතත් ප්‍රචාරය කිරීමට පටන්ගෙන තිබේ.

Facebook
Twitter
LinkedIn