දෙවියන් හමුවුණා..!

දෙවියන් හමුවුණා..!

මිත්‍යාව පසුපස යන මිනිසුන් වෙනුවට සැබෑ දෙවිවරුන් මිනිස් සමාජයේ ම සිටින බව නිර්මාණශීලීව ඉදිරිපත් කළ “අඳුරු කුටිය තුළ“ ගීතය සම්බන්ධයෙන් ලංකාදිප වෙබ් අඩවියේ විග්‍රහයක් පළ කර තිබේ.

ප්‍රේමදාස සී අලවත්ත රචනා කළ එම ගීතය ප්‍රේමසිරි කේමදාස විසින් සංගිතවත් කළ ටී. එම්. ජයරන්ත ඇතුළු පිරිස ගායනා කරන ලද්දකි. මාධ්‍යවේදී ප්‍රභාත් රණසිංහ එම ගීතය සම්බන්ධයෙන් පළ කර ඇති විචාරය උපුටා ගෙන පහත දැක්වේ.

අඳුරු කුටිය තුළ

මොහාන්ධකාරයේ ගිලෙන්නෝ මිථ්‍යාදෘෂ්ටිකයෝය.ඔවුහු නිතර ආගමදහම පසුපස හඹා යමින් අඳමිටුවන් සේ වැඳුම් පිඳුම් කරමින් ජීවිතයේ පරම සතුට සොයති.විදු ලොව දෙස නොබලා බැදිවල යන අඳමිටුවෝ ලොව කොතෙක් වෙත් ද?මෙනයින් දේව භක්තිය නමැති ව්‍යාජ දෘෂ්ටිවාදය වැලඳ ගත්තෝ එම මිථ්‍යා විශ්වාස ඇදහිලිවල ම ගොදුරක් වී අවසානයේ විනාශයට පත්වෙති.දෙවියන් ඇදහීම හෝ නොඇදහීම මානව අයිතියකි.එහෙත් පීඩත පන්තියේ දුප්පත් අසරණ ජනතාව තමන් දහදිය මහන්සියෙන් හරිහම්බ කරගත්ත සොච්චම ද පන්සල් පල්ලි,කෝවිල්,දේවාල නඩත්තුවට පුදති.ආගම අබිං යැයි වරක් කාල් මාක්ස් කීය.මෙනයින් ආගමට ඇබ්බැහිවූවෝ අන්ධභක්තිකයෝ ය.ඔවුහු ජීවිතය තිබෙන තුරු ඊට දිවිහිමියෙන් ඇබ්බැහි වී කැපවී සිටිති.එහෙත් දෙවිවරු ⁣ලොව කොහි ඉසව්වක නම් සිටිත් ද? දේව භක්තිය ව්‍යජ දෘෂ්ටිවාදයකි. මිථ්‍යාදෘෂ්ටිකයන් සිටින තාක්කල් දේවාලවල වෙසෙන  කපුවෝ උදාර පෝෂණය කරගනිති.පරම්පරා හතකට මුදල් හම්බ කරති.මෙනයින් බලන කල මිනිස් අධ්‍යාත්මය වසා පැතිර ඇති මිථ්‍යාදෘෂ්ටිය සුනුවිසිනු කිරීමට මෙි ගීතයෙන් රචකයා යත්න දරයි.මෙහිදී තම දෑස් වසා සිටින වහන්තරාව හෙවත් කඩතුරාව හැර දමා මිථ්‍යාවෙන් නොව විද්‍යවෙන් ලෝකය දෙස බලන මෙන් රචකයා අඳමිටුවන්ට අායාචනා කරයි.

අඳුරු කුටිය තුළ,
දොරගුළු ලාගෙන
ගයන ගීතිකා – යදින යාතිකා
දෙවියන් හට නෑසේ
පොළොව කොටන තැන – පාර තනන තැන
ගිනියම් අව්වේ – මහ වරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ
බලන් කඩතුරා හැර දෑසේ

දේවාලයක අඳුරු මුල්ලක දොරගුළු වසාගෙන කිනම්  යාතිකාවක් කළ ද එය කිසිදු දෙවියකුට නෑසේ.සැබෑ දෙවියන් වැඩ සිටින්නේ ජීවන සටන වෙනුවෙන් වෙහෙසෙන පීඩත ජනයා අතර නො වෙි ද? මෙහිදී පොදු ජන අධ්‍යාත්මය හඳුනාගෙන ඨාකූර් කවියා ගොඩනගන කාව්‍ය චින්තය අතිශය ප්‍රබලය.දෙවොලේ දේව ප්‍රතිමා තිර රෙදිකඩකින් වසා ඇත.එහෙත් මහපොළොවෙන් විතැන්වී නොපෙනෙන දෙවියකු අබියස අන්ධභක්තියෙන් යදින යතිකා  නිෂ්ඵලය. එපමණක් නොව  දෙවොල තුළ දෙවිවරුන් වැඩ නොසිටන බවත් සැබෑ දෙවියන් වැඩ සිටින්නේ අව්වැසි නොබලා මහපාරේ කුලීවැඩ කරන කම්කරු ජනතාව සමීපයේ බවත්  කවියා  කියයි.තතු එසේ වූව ද තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගේ ආනුභාවය විශ්වයට ඇතැයි ඇතැමෙක් විශ්වාස කරති.ඒ හේතුවෙන් ඔවුහු දේවාලවලට ගොස් අඳුරු මුල්ලකට වී යාතිකා කරති.එහෙත් කඩතුරාවෙන් දෑස වැසුණු කල කිසිවකුට යථාර්ථය නොපෙනේ.බලන ක්‍රමය වෙනස් කළවිට කඩතුරාවට ඔබ්බෙන් කිසියම් යථාර්ථයක් ඔබට පෙනෙනු නොඅනුමානය.  

සිනිදු සුවැති සළු සිරසින් හැරදා
දූවිලි මඩ වැකි පිළි ගත පලඳා
දෙවියන් රුව දක්නට හැක්කේ

දේව පතිමාවලට අන්දවා ඇත්තේ ඉස්තරම් ම රෙදිපිළිය.සුසිනිදු විල්ලුද පලස් මත ඇතැම් දේව පිළිම තබා ඇත.එහෙත් මෙකී සුඛෝපභෝගී රෙදිපිළි ඉවත්කොට දූවිලි මඩ සහිත ඇඳුම් අන්දු කල දෙව් රුව සැබැවින් දැක ගැනීමට හැකි බව නොවෙිද මෙි කියන්නේ?සිනිදු සුවැති සළු සිරසින් හැරදා යන්නෙන් දෙවියන් පිළිබඳ මිනිසුන් සිතන විදිය වෙනස් කළ යුතුව ඇතැයි යන අදහස සුවිශද නො වෙි ද? එහෙත් අව්වැසි නොබලා වැඩකරන කම්කරුවන්ට නොදක්වන සංවෙිදීකම දෙවියන් ඉදිරියේ දක්වන සමාජයක නො වෙි ද අද අප ජීවත් වන්නේ?සහකම්පනය නැති විපරිත සමාජයක ⁣යාන්ත්‍රික ජීවිත ගතකරන රෝබෝවරුන් වැනි මිනිසුන් දෙවියන් අබියස මෙතරම් සංවෙිදී වන්නේ කෙසේ ද?තම දරුවන්ගේ කඩඉම් විභාග අනාගත දියුණුව වෙනුවෙන් නොමසුරුව මුදල් වියදම් කරමින් පුද පූජා පවත්වන ඇතැම් ධනවත් මවුපියන් එම දරුවන් පණමෙන් රැකබලා ගන්නා ගෙදර මෙහෙකාරියට සලකන්නේ බැළලියකුට මෙනි.ඇතැම් හාම්පුත්තු යටකී  මෙහෙකාරියන්ට නිසි වැටුපක් ද නොගෙවති.මෙහිදී ඨාකූර්  කවියා සමාජයේ අඳුරු ඇතුළාන්තයට එල්ලකරන ප්‍රඥා ලෝකය කෙතරම් ප්‍රබල ද? මෙි ගීතයෙන් දේව භක්තිය පිළිබඳ සමාජයේ තිබෙන අවිද්‍යාවට විද්‍යාව කැටුව එමින් ඨාකූර්  කවීහු අන්ධභක්තිකයන්ට කනේ පහරක් ද ගසති.

කුසුම් සඳුන් දුම් සුවඳින් වැළකී
ගත නැගි දහදිය සුවඳින් සැරසී
දෙවියන් හා එක් විය හැක්කේ

මල් පහන් සුවඳ දුම් පූජා වැනි බාහිර අලංකරණයෙන් දෙවියන් සමඟ ගනුදෙනු කළ නොහැකි බවත් දෙවියන් හා එක්වීමට නම් වැඩ කරන ජනතාව සමඟ එකතු විය යුතු බවත් ගීතයේ අවසන් අන්තරා කොටසින් ගම්‍ය වෙි.මෙනයින් බලන කල චිරාත් කාලයක් තිස්සේ වැජඹෙන මෙි ගීමිණ සිඟිති මී විතක් සේ රසවත් නො වෙි ද?

Facebook
Twitter
LinkedIn