ඕස්ට්‍රේලියානු ජාතිකයෙකුට අයත් ඩොලර් මිලියන 1.5ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතින නඩුවට අදාළව ලිඛිත විරෝධතා ඉදිරිපත් කරන ලෙස උදය ප්‍රභාත් ගම්මන්පිලට නියෝග කර තිබේ.
එම නඩු විභාගය අද (24) පැවති අවස්ථාවේ දී චෝදනා එල්ල වී තිබෙන අනෙකුත් පුද්ගලයා වන සිඩ්නි ජයරත්න අසනීප තත්වයක් හේතුවෙන් රෝහල් ගතවී ප්‍රතිකාර ලබන බව එහුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දී ඇත. එම කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න නොවැම්බර් 25 වෙනි දින අදාළ ලිඛිත විරෝධතා ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ.
මෙම මුදල් වංචාව 1996 / 1997 කාලයේ දී සිදුකර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ජාතිකයා කරන ලද පැමිණිල්ල අනුව උදය ගම්මන්පිල සහ සිඩ්නි ජයරත්න යන වගඋත්තරකරුවන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණය ඉදිරියේ එම නඩුව පවරා තිබේ.
Views: 0










