රාජ්ය අංශයේ ප්රමුඛම වාණිජ බැංකුව වන ලංකා බැංකුවෙන් රුපියල් කෝටි 19,375ක වැඩි ණය මුදලක් ලබා ගත් පිරිසක් එකදු වාරිකයක් හෝ නොගෙවා පොලු තබා ඇති ආකාරය අනාවරණය කර තිබේ.
එම අනාවරණය කර තිබෙන්නේ කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයෙකු වන ඩියූ ගුණසේකර යටතේ 2013 ජූලි මස 23 වෙනි දින නිකුත් කරන ලද කෝප් කමිටු වාර්තාවකින් ය. එවකට මුදල් ඇමතිවරයා වූයේ මහින්ද රාජපක්ෂ වන අතර රාජ්ය බැංකුවකට මේ සා විශාල ණය පොලු තැබීමක් කර ඇත්තේ දේශපාලන රැකවරණය මත බව පැහැදිලි වේ. එම ණය මුදල් ආපසු අය කර ගැනීම සඳහා මෙතෙක් අනුගමනය කරන ලද ක්රියාමාර්ග පිළිබඳව බරපතළ ප්රශ්නයක් මතුවී තිබේ.
එම වාර්තාව පදනම් කර ගනිමින් ස්වාධීන රූපවාහිනිය හෙළි කරන ලද තොරතුරු පහත වීඩීයෝවේ අන්තර්ගත ය.
Views: 0










