අනාගතය වෙනුවෙන් පියනඟන්න ලස්සන, සුන්දර ගමනක් තියෙනවා – නීතිවේදී අරුන් හේමචන්ද්‍රන්

අනාගතය වෙනුවෙන් පියනඟන්න ලස්සන, සුන්දර ගමනක් තියෙනවා – නීතිවේදී අරුන් හේමචන්ද්‍රන්

අනාගතය වෙනුවෙන් පියනැඟීමේ ලස්සන, සුන්දර ගමනක් තිබෙන බව ජාතික ජන බලවේගයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් කණ්ඩායම් නායක, නීතිඥ අරුන් හේමචන්ද්‍රන් අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ ඊයේ (23) පැවති “රට හදන අපි එකට මාලිමාවට” තේමාවෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන ජාතික ජන බලවේගයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජනතා රැලිය අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජාතික ජන බලවේගයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් කණ්ඩායම් නායක, නීතිඥ අරුන් හේමචන්ද්‍රන්,

“මෙම භූමියේ අද පවත්වන්නේ සාමාන්‍ය රැස්වීමක් නොවෙයි. ඉතාම වැදගත් ඓතිහාසික රුලියක්. ජනාධිපති, අගමැති වාගේම ඇමැතිවරු පොරොන්දු දේශපාලනය සහිතව යම් පන්තියකට සේවය කිරීමේ දේශපාලන සංස්කෘතිය වෙනස් කර පොදු ජනතාවගේ දේශපාලන සංස්කෘතියක් ස්ථාපනය කිරීම ආරම්භ කර තිබෙනවා. මගේ යහළුවෙක් අනුර කුමාර දිසානායක සහෝදරයා ගැන කීවේ, “ජනාධිපති සහෝදරයා අපේ අල්ලපු ගෙදර කෙනෙක් වගෙයි” කියලා. මේ කතාව තුළ ගැඹුරු දේශපාලන පණිවුඩයක් තිබෙනවා. අපේ ජීවිත කාලය තුළ එවැනි ජනාධිපති සහෝදරයෙක් පත්කර ගැනීම මූලික වශයෙන් සිදුකර එහි ඊළඟ ජයග්‍රහණය පාර්ලිමේන්තු මැතිවරණයෙන් අත්පත් කර ගැනීමට ජනතාව පෙළගැසී සිටිනවා.

‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ උදෙසා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයත් සූදානම් බව මේ මොහොතේදී අප සියලු දෙනා සපථ කර සිටිනවා. ජාතික සමඟිය ගොඩනඟමින්, ජනතාවට නිවැරැදි මඟ පෙන්වා දෙන්න ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් නිර්මාණයවී තිබෙනවා. මෙම රැස්වීමෙන්ම ඉතිහාසයේ ජයග්‍රාහී ගමනක් යා හැකි බවට තහවුරු වී තිබෙනවා.

අනාගතය වෙනුවෙන් පියනඟන්න ලස්සන, සුන්දර ගමනක් තියෙනවා. ඒ ගමන යන්න අපත් සමඟ එක් වන ලෙස හැම දෙනාටම ආරාධනා කරමු. ඒ වෙනුවෙන් සාකච්ඡාවක් අපි දිගටම ගෙන යමු. මජර දේශපාලනය පරාජය කිරීමට සැප්තැම්බර් 21 වැනිදා තැබූ පියවර නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණයෙන් වඩාත් ශක්තිමත් කරමු.”

Facebook
Twitter
LinkedIn