චීන නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී සහ ජනාධිපති ලේකම් අතර හමුවක්

චීන නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී සහ ජනාධිපති ලේකම් අතර හමුවක්

චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී සූ යන්වෙයි (Zhu Yanwei) අද (22) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක හමු වී තිබේ.

චීන – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳ මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

එසේම චීනය සහ ශ්‍රි ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ අන්යෝන්‍ය ගෞරවයද මෙහිදී සිහිපත් කර ඇති අතර එම සමීප සබැඳියාව ඔස්සේ දෙරට අතර සමාජ, සංස්කෘතික සහ ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ නව ක්‍රමවේදයන් පිළිබඳවද විමසා බලා තිබේ.

Facebook
Twitter
LinkedIn