පොහොර සහනාධාරයේ රු. 15,000 ගොවීන්ගේ ගිණුම් වෙත මුදාහරියි

පොහොර සහනාධාරයේ රු. 15,000 ගොවීන්ගේ ගිණුම් වෙත මුදාහරියි

ගොවීන් සඳහා ලබා දෙන රුපියල් 25,000ක පොහොර සහනාධාරයෙන් රුපියල් 15,000ක කොටස මේ වනවිට අදළ ගොවීන්ගේ ගිණුම් වෙත මුදා හැර ඇති බව වාර්තා වේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 11ක ගොවීන්ගේ ගිණුම් වෙත පොහොර සහනාධාරයට අදාළ මුදල් බැර කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් එම්.පී.එන්.එම් වික්‍රමසිංහ සඳහන් කරයි.

ඒ අනුව මිලියන 60ක මුදලක් මේ වනවිට බැර කර ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Facebook
Twitter
LinkedIn