බොරු බිල්ලන් මැවීම ගැන මහාචාර්ය අතුකෝරල පැහැදිලි කරයි !

බොරු බිල්ලන් මැවීම ගැන මහාචාර්ය අතුකෝරල පැහැදිලි කරයි !

ජනාධිපති, අනුර කුමාර දිසානායක එම ධුරයට පත් වී ගෙවී ගිය කාලය තුළ ණය ගැනීම සම්බන්ධයෙන් බොරු බිල්ලන් මැවීමට ඇතැමුන් දරන උත්සාහය තුළින් සඟවාලන සත්‍ය කරුණු හෙළිදරවු කර තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල පෙන්වා දී ඇත්තේ, රජය ලබා ගන්නා ණයවලින් විශාල ප්‍රමාණයක් වැය කිරීමට සිදුව ඇත්තේ, භාණ්ඩාගාර බිල්පත්වලින් සහ බැඳුම්කර මඟින් මෙයට පෙර ලබාගෙන ඇති ණය ගෙවීමට බව ය. මෙම වසරේ ජනවාරි සිට ලබන 2025 වසරේ නොවැම්බර් මාසය දක්වා කල්පිරෙන භාණ්ඩාගාර බිල්පත්වල සහ බැඳුම්කරවල වටිනාකම රුපියල් බිලියන 4,859ක් බව පෙන්වා දී ඇත.

එයට අමතරව හෙළි කර ඇත්තේ, වර්තමානයේ ලබා ගන්නා ණයවලින් ඉතා විශාල ප්‍රමාණයක් මෙයට පෙර ලබාගෙන ඇති ණය පොළිය ගෙවීමට පමණක් වැය වන බව ය. මෙම වසරේ රජයේ ඇස්තමේන්තුගත ආදායම රුපියල් බිලියන 3,820ක් වන විට ණය පොළී ගෙවීම සඳහා පමණක් රුපියල් බිලියන 2,651ක් වැය වන බව පෙන්වා දී ඇත.

මේ ලෙස ණය වාරික සහ පොළිය ගෙවීම සතිපතා කළ යුතු බවත්, ඒ වෙනුවෙන් නව භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර නිකුත් කරමින්, ණය ලබා ගැනීමට සිදු වී ඇති බවත් පෙන්වා දී ඇත.

මේ අතර, මෙම වර්ෂය සඳහා රනිල් වික්‍රමසිංහ හිටපු මුදල් ඇමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අය-වැය අනුව ණය ලබා ගැනීමේ අවශ්‍යතාව රුපියල් බිලියන 7,350ක් ය. පසුගිය පාර්ලිමේන්තුව එම අය-වැය යෝජනා සම්මත කර ඇති අතර, මහා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් එම ණය ගැනීමේ අවශ්‍යතාව අනුව වාර්ෂික සැලැසුම සකස් කර තිබේ. වර්තමාන රජය මෙම වර්ෂය වෙනුවෙන් ක්‍රියාත්මක කරමින් සිටින්නේ එම සැලැසුම ය.

Facebook
Twitter
LinkedIn