දේශපාලන අරමුණු සහිතව පාස්කු ප්‍රහාරය යොදා ගැනීමේ පහත් ප්රචාරක මෙහෙයුමක යෙදී සිටින උදය ගම්මන්පිල ජයිකි ද අල්විස් කමිටු වාර්තාව ගෙනහැර දක්වමින්, අසත්‍ය ප්‍රකාශ සිදු කර ඇත.
එමඟින් ඔහු සෘජුවම ඉලක්ක කර ඇත්තේ, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, රවී සෙනෙවිරත්නට එරෙහිව ව්‍යාජ ප්‍රචාරයක් දියත් කිරීම ය. ඒ වෙනුවෙන් පදනම් කරගෙන තිබෙන ජයිකි ද අල්විස් කමිටු වාර්තාව සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් හෙළි වෙමින් පවතී. විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරියක වන ජයිකි ද අල්විස්ගේ ප්‍රධානත්වයෙන් පරිපාලන නිලධාරී, කේ.එන්.කේ සෝමරත්න සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඒ.එන් නිශාන් එම කමිටුවේ අනෙකුත් සාමාජිකයෝ ය. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස සිටි සමයේ මෙම කමිටුව පත් කළ අතර, රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර විසින් ද එම කමිටුව හමුවේ ප්‍රකාශ ලබා දී තිබිණි.
මේ අතර, පාස්කු ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ රවී සෙනෙවිරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස සිටියේ ය. එසේ තිබිය දී, එම ප්‍රහාරය වළක්වා නොගැනීම පිළිබඳව බොරු චෝදනා ගම්මන්පිල එල්ල කරමින් සිටී. කිසියම් කරුණක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පරීක්ෂණ දියත් කිරීමට නම්, පොලිස්පතිවරයා නිල වශයෙන් ඒ පිළිබඳ නියෝගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දිය යුතු ය. නමුත්, එවැන්නක් සිදු නොකර තිබිය දී, ගම්මන්පිල සිතාමතා, සැලැසුම්සහගතව ජනතාව නොමඟ යැවීමට ප්රයත්න දරමින් සිටී.
මෙම ප්රයත්නය පිළිබඳව අදහස් දක්වන විචාරකයන් හෙළි කරන්නේ ජයිකි ද අල්විස් කමිටුව හමුවේ රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර ලබා දී තිබෙන ප්‍රකාශ ප්‍රසිද්ධ කරන ලෙස ය.










