පාර්ලිමේන්තුව ශුද්ධ කිරීමේ වගකීම ජනතාව තම අතට ගත යුතුයැයි ඉංජිනේරු මොහොමඩ් ඉට්ටියාස් ප්‍රකාශ කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ලබන 14 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් කණ්ඩායමේ ජය තහවුරු කිරීමින් පසුගිය 19 වනදා තංගල්ලේදී පැවති ජන රැලිය අමතමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉංජිනේරු මොහොමඩ් ඉට්ටියාස්,
“නිදහස ලැබීමට පෙර විදේශිකයන් අපේ රට දූෂණය කළා. නිදහස ලැබිලා අවුරුදු 76ක් ස්වදේශික පාලකයන් මේ රට දූෂණය කළා. ඒ තත්වය වෙනස් කිරීමේ අවස්ථාව අපිට පසුගිය සැප්තැම්බර් 21 උදා වුණා. ලෝකයේ දියුණු රටවල වගේ අපේ රටේ දියුණුවේ මාවත එදා විවෘත වුණා. ඒ වගේම මේ රට විනාශ කරපු ඒ ප්‍රභූ දූෂිත දේශපාලන නායකත්වය හා ඔවුන් සමග අත්වැල් බැඳගත් දූෂිත නිලධාරී තන්ත්රය සදහටම මේ රටින් තුරන් කිරීමේ මාවත නොවැම්බර් 14 දින අපේ රටේ ජනතාවට උදා වෙනවා. ජරාජීර්ණ වූ දූෂිත දේශපාලනඥයන්ගෙන් පිරී තිබූ අපේ රටේ පාර්ලිමේන්තුව රටට ආදරය කරන බුද්ධිමත් මිනිසුන්ගෙන් පුරවා එය ශුද්ධ පවිත්‍ර කිරීමේ වගකීම නොවැම්බර් 14 දින මේ රටේ ජනතාව තම අතට ගත යුතුයි.
මෙතෙක් මේ රටේ පාලකයන් කළේ මේ රටේ ජාතීන් අතර සමගිය ඇති කළ හැකි සියලු අවස්ථා අතහැර, ජාතිය අතර බේදවීම් තව තවත් වර්ධනය කිරීමයි. ඒ දේ ඔවුන් කළේ අපිව කොටවා ඔවුන්ගේ බලය, තහවුරු කර ගැනීම සඳහායි. අද උතුරේ, දකුණේ, නැගෙනහිර, බටහිර කඳුකරයේ සියලු ජනතාව ජාතික ජන බලවේගය වටා එක්වී හමාරයි. ඒ එක්සත්කමේ ප්‍රතිඵලය ගන්න දිනය අපට නොවැම්බර් 14 උදාවෙනවා. එදාට අපේ රටේ පාර්ලිමේන්තුව ජාතිකත්ව බෙදීම්වලින් තොර දකුණු ආසියාවේ ආදර්ශවත්ම පාර්ලිමේන්තුව බවට පත් කිරීමට අපේ රටේ ජනතාව තීන්දු කරන බව අපිට සහතිකයි.
අපේ රට හරිම සුන්දරයි. සම්පත් ගොඩක් අපට තිබෙනවා. අපි නිදහස් අධ්‍යාපනයෙන් ඉහළට ආපු තරුණයන්. අපේ රටේ ඉංජිනේරුවන්ගේ දැනුමෙන් අද ප්‍රයෝජන ගන්නේ විදේශ රටවල්. අපේ රටේ තරුණ ප්‍රජාවට ඔවුන්ගේ දැනුමෙන් හැකියාවෙන් ප්‍රයෝජන ගන්න තිබෙන අවස්ථා මේ රටේ පාලකයෝ අහුරලා තිබෙනවා. එනිසා කොතරම් දුෂ්කරතා මැද වුවත් විදේශ ගත වෙන්නට ඔවුන්ට සිදුව තිබෙනවා. මම විදේශගත වෙලා ඉඳලා මේ රටට ආවේ අනුර සහෝදරයන්ගේ නායකත්වයෙන් ජාතික ජන බලවේගය ගෙන යන ජනතාවාදී පාලනයට සහයෝගය දෙන්නයි. ඒ සතුට මම අද භුක්ති විඳිනවා. අද රට නිවැරදි මාවතේ ගමන් කරනවා. ඒ සතුට අපි භුක්ති විඳිනවා. ඒ නිසා මම ආරාධනා කරනවා, ඒ සතුට ලබාගැනීමට කැපවුණු මෙන්ම එයට සහභාගි නොවූ අයටත් මේ සතුට ජීවිත කාලය පුරා ලබන්නට නොවැම්බර් 14 දින ඔබේ වටිනා ඡන්දය ජාතික ජන බලවේගයට ලබාදී අප මේ ලැබූ ජයග්‍රහණය විජයග්‍රහණය කිරීමට එක මිටට දායක වෙන්න කියලා.”












