මේ වන විට රජය අතිවිශාල ණය පොළී ගෙවීමක හිර කර තිබෙන ආකාරය විගණකාධිපති වාර්තාවකින් හෙළි වී තිබේ.
එම වාර්තාවේ දැක්වෙන්නේ 2006 වර්ෂයේ දී රජයේ ණය පොළී ගෙවීම රුපියල් බිලියන 151ක් වූ බව ය. එම මුදල 2023 වර්ෂය වන විට රුපියල් බිලියන 2,455ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.
වසර 17ක් තුළ එම වැඩි වීම සියයට 1,526ක් බව ද, 2023 වසරේ දී රජය ලබා ගත් සමස්ත ආදායම රුපියල් බිලියන 3,079ක් වන අතර, එයින් පොළී ගෙවීම සඳහා පමණක් සියයට 79.73ක් වැය කිරීමට සිදුව ඇති බවත් පෙන්වා දී තිබේ.
ජනාධිපති, අනුර කුමාර දිසානායක යටතේ ණය ලබා ගැනීම පිළිබඳව ව්‍යාජ ප්රවෘත්ති මවන පිරිස මෙම සත්‍ය කරුණු ජනතාවගෙන් වසන් කර තිබේ.
Views: 0










