රෝහිතගේ බෑනා හොරෙන් පන්නපු සැප වාහන දෙකක් මහයියාවෙන් මතු වෙයි

රෝහිතගේ බෑනා හොරෙන් පන්නපු සැප වාහන දෙකක් මහයියාවෙන් මතු වෙයි

හිටපු වරාය ඇමති රෝහිත අබේගුණවර්ධනගේ බෑනාට අයත් මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවසේ සඟවා තිබූ රුපියල් කෝටි හයක් පමණ වටිනා BMW වර්ගයේ මෝටර් රථයක් සහ ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් අනිවත්තේ පිහිටි එම නිවසේ ගරාජය පරීක්ෂා කිරීමේදී එම රථ දෙක රහසිගත ලෙස සඟවා තිබූ මෝටර් රථ දෙක හමු වී ඇති අතර මෙම මෝටර් රථ දෙක සම්බන්ධයෙන් නීත්‍යානුකූල හිමිකම් තහවුරු කිරීමට එම නිවසේ කිසිවකුටත් හැකි වී නැත. ඒ අනුව මෙම රථ දෙක එසේ අත්අඩංගුවට ගෙන ඇත.

මහනුවර මහයියාව ප්‍රදේශයේ රථවාහන අලෙවිසලක්ද පවත්වාගෙන යන එම පුද්ගලයා හිටපු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන වරාය ඇමති ධුරය දරණ සමයේදී වරාය අධිකාරියේ ඉහළ ධුරයක්ද දරා ඇති බව මේ වනවිට තහවුරු වී තිබේ.

මෙම මෝටර් රථ දෙක නීතියානුකූල නොවන ආකාරයට වරායෙන් පිටකළ මෝටර් රථ දෙකක් බවට පොලිසිය සැක කරන අතර එම මෝටර් රථ රජයේ රස පරීක්ෂකට ඉදිරිපත් කිරීමටද නියමිතය.

මීට පෙරද එනම් 2022දීද ඔහුට එරෙහිව, රථවාහන හිමියන් රවටා වාහන ඡාවාරමේ යෙදීම සම්බන්ධයෙන් බරපතල චෝදනා එල්ලවී තිබූ අතර එකළ ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටියද ඔහු පොලිසිය මගහරිමින් සිටින බවට එකළ මාධ්‍ය වාර්තා කර තිබිණි.

ආශ්‍රිත පුවත් – මහනුවර වාහන ජාවාරමේ නිරත රෝහිතගේ බෑනා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ

Facebook
Twitter
LinkedIn