ADB ශ්‍රී ලංකා අධ්‍යක්ෂ හා අගමැති අතර හමුවක්

ADB ශ්‍රී ලංකා අධ්‍යක්ෂ හා අගමැති අතර හමුවක්

ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ Takafumi Kadono ඇතුළු නියෝජිත පිරිසක් ඊයේ (18) අගමැති කාර්යාලයේදී අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මුණගැසී සාකච්ඡාවක නිරත වී තිබේ.

මෙරට සංවර්ධන ව්‍යාපෘති සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් ලබාදුන් සහය පිළිබඳව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය සිය ස්තුතිය පල කර ඇත. ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුවේ සහය ඉදිරියේදීත් අපේක්ෂා කරන බව අගමැති මෙහිදී සඳහන් කර තිබේ.

ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානි Cholpon Mambetova, ජ්‍යෙෂ්ට සමාජ සංවර්ධන නිළධාරි හේරත්බණ්ඩා ජයසුන්දර, ආසියානු සංවර්ධන බැංකු අංශයේ අධ්‍යක්ෂ උදේනි උඩුගහපට්ටුව සහ අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී යන නිලධාරීන් මේ අවස්ථාවට සහභාගී වී සිට ඇත.

Facebook
Twitter
LinkedIn