ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති ලෙස ජ්‍යේෂ්ඨ වරලත් ගණකාධිකාරීවරයෙකු වන අර්ජුන හේරත් පත්කර තිබේ.
ඔහු ශ්‍රී ලංකා පුද්ගලික දත්ත ආරක්ෂණ අධිකාරියේ හිටපු සභාපතිවරයෙකුද වන අතර කොළඹ කොටස් වෙළෙඳපොළේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙසද කටයුතු කරයි.
එමෙන්ම ඔහු ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසත් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ කොමසාරිස්වරයෙකු ලෙසත් සේවය කර ඇත.
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ හිටපු සභාපතිවරයෙකුද වන අර්ජුන හේරත් තවත් ආයතන ගණනාවක ඉහළ පෙළ තනතුරු දරා තිබේ.
Views: 0










