සමගි ජන බල සන්ධානය සහ රනිල් පිලේ නාම යෝජනා බාර දී සිටින අපේක්ෂකයන් විශාල පිරිසක් පාර්ලිමේන්තු මැතිවරණය අත්හැර දමා ඇති බව සනාථ වී තිබේ.
වෙනත් මැතිවරණවලදී මනාප අංක ලබා දුන් සැනින් දැඩි උද්යෝගයකින් එම අංක ප්‍රදර්ශනය කර ප්‍රචාර කටයුතු ආරම්භ කිරීම සාමාන්‍යයෙන් සිදුවිය. එහෙත් මෙවර, මනාප අංක ලබා දී දින ගණනක් ගත වී තිබුණ ද එවැනි කිසිදු උද්යෝගයක් නිරීක්ෂණය නොවේ.
මේ අතර ඇතැම් පිරිසක් මාධ්‍යවේදීන් වෙත ඍජුව ම ප්‍රකාශ කර තිබෙන්නේ අවසන් සති දෙක තුළ හැකි ආකාරයෙන් ප්රචාරක කටයුතුවල යෙදිමට සැලසුම් කර ඇති බව ය. බදුල්ල, නුවරඑලිය, මාතලේ, මොනරාගල යන දිස්ත්‍රික්කවල කැපී පෙනෙන නිහඬතාවයක ගිලී ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දී ඇත.
Views: 0










