මේ වනවිට ප්‍රචාරක කටයුතු ආරම්භ කර ඇති, ලබන 14 වෙනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගී වන රැලි මාලාවේ පළමු රැලිය අද (19) තංගල්ල මහජන ක්‍රීඩාංගණයේ පැවැත්වෙන බව ජාති ජන බලවේගයේ මාධ්‍ය ඒකකය පවසයි.
ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ අරමුණෙන් පැවැත්වෙන් මෙම රැලිය පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිත අතර එය යූටියුබ් සහ ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය කිරීමටද නියමිතය.

Views: 0










