සමගි ජන බල සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ආචාර්ය හර්ෂ ද සිල්වා ද, ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් ලබා තිබෙන ආචාර්ය ධුරය ද නොසලකමින් මේ වනවිට රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ජනතාව නොමඟ යැවීම සඳහා ව්‍යාජ ප්‍රකාශ කිරීමට ඍජුවම ඉදිරිපත් වී සිටී.
මෙම වසරට අදාළව රජයේ ණය ගැනීමේ අවශ්‍යතාවය රුපියල් බිලියන 7,350ක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමත කරවා ගත් අයවැය යෝජනාවලියේ සඳහන් වේ. ඒ අනුව මහා භාණ්ඩාගාරය විසින් රජයේ ණය ගැනීමේ අවශ්‍යතා සඳහා කාලරාමු සකස් කර ඇත.
වත්මන් ආණ්ඩුව ගත කරමින් සිටින්නේ මෙම වසරට අදාළව පාර්ලිමේන්තුවෙන් සම්මත කර දී තිබෙන අයවැය ලේඛනය වන බව සඟවමින් ජනතාවට ව්‍යාජ කරුණු ඉදිරිපත් කරන්නන් අතර ආචාර්ය හර්ෂ ද සිල්වා පෙරමුණ ගෙන සිටී
Views: 0










