අගමැති ආචාර්ය හරිනි සහ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් අතර සාකච්ඡාවක්

අගමැති ආචාර්ය හරිනි සහ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් අතර සාකච්ඡාවක්

අගමැති ආචාර්ය හරිනි අමරසූරිය හා විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් අතර අද (17) දින විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදී ප්‍රධාන වශයෙන් විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යයන කටයුතු සහ ශිෂ්‍ය සුබසාධනය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල සිසුන් මෙතෙක් මුහුණ දුන් නොවිසඳුණු ගැටලු රාශියක් පිළිබදව අවධානය යොමු කර ඇත.

මෙම සාකච්ඡාව සදහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය, අධ්‍යාපන අයිතිය උදෙසා සිසු ජන බලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සහ සියලු වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගම්, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය, අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බලමණ්ඩලය, සාගර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය, ඉංජිනේරු තාක්ෂණ ආයතන ශිෂ්‍ය සංගමය, මොරටුව ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය ඇතුලු ශිෂ්‍ය සංගම් ගණනාවක නියෝජිතයින් පිරිසක් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී සිට තිබේ.

මෙම සාකච්ඡාව පැය 06කට ආසන්න කාලයක් පැවති බව වැඩිදුරටත් වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn