1987 බුර්කිනා පාසෝ හි සිදු වූ හමුදා කුමන්ත්‍රණයකින් පසුව බලයට පත් වූ ඒකාධිපති බ්ලේස් කොමපවොරේ විසින් මරා දමන ලද අප්‍රිකානු මහාද්වීපය විසින් බිහිකළ විශිෂ්ට තම විප්ලවවාදියෙකු වූ තෝමස් සංකාරා සැමරීම ලොව පුරා සිදු වූ බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටි. අප්‍රිකාවේ “චේගුවේරා” ලෙස හැඳින් වූ තෝමස් සංකාරාගේ මරණයෙන් වසර 37 කට පසු සමස්ථ අප්‍රිකාව පුරා ඔහුගේ විප්ලවීය භාවිතාව ඇගයීමට ලක් කරමින් සැමරුම් උත්සව පවත්වා තිබෙන බවද වාර්තා වේ.
මේ අතර බුර්කිනා පාසෝ හි ජනාධිපති කපිතාන් ඊබ්‍රහිම් තවෝරේ කපිතාන් සංකාරාගේ විප්ලවීය භාවිතාවන් හා ඔහුගේ විප්ලවීය දැක්ම නව පරම්පරාවට පරමාදර්ශයන් වනවා මෙන්ම මව්බිමේ සෛවරිත්වය වෙනුවෙන් දිවි පිදීම සදාකාලික ජිවත්වීමක් යයි ද සඳහන් කරමින් ට්විටර් පණිවිඩයක් තබා තිබිණි.
අප්‍රිකාවේ පසුගිය වසර 37 පුරාවටම තරුණ සිත් තුල ඉතා දැඩිව සඳහන් වූ විප්ලවීය නාමයක් වුයේ කපිතාන් තෝමස් සංකාරා යන්න රහසක් නොවේ. ඔහු විසින් එරට පාලනය කල කාලය තුල දී ජාතික සමගිය, ප්‍රජාතන්ත්‍ර වාදය, දේශප්‍රේමය, අවංක බව, කාන්තා විමුක්තිය, දුෂණ හා අල්ලස් වලට එරෙහිව රාජ්‍ය නායකයෙකු ලෙස පෙන්වූ සරල ජීවිත පැවැත්ම මෙන්ම මරණය ඉදිරියේ පෙන්වූ අභීත නිර්භීත භාවය හේතුවෙන් සමස්ථ අප්‍රිකානු ජනතාවගේ ආදරයට හා ගෞරවයට භාජනය විණි.
මේ වන විට බුර්කිනා පාසෝ, නයිජර් රාජ්‍යය, ඝානාව, මාලි දේශය, සෙනෙගාලය, කපිතාන් සංකාරා විසින් ඉදිරිපත් කල අධිරාජ්‍ය වාදයට එරෙහිව ඒකීය අප්‍රිකාවක්(panaafricanism) සංකල්පය යථාර්තයක් බවට පත් කිරීම සඳහා විප්ලවීය රජයන් බිහි කරමින් සිටි. සංකාරාවාදයට එරෙහිව ඍජුව ප්‍රති විප්ලවීය අදහස් දැක්වූ සෙනගාලයේ හිටපු ජනාධිපති මැකී සාල් තරුණ අරගලයක් මගින් ගෙදර යැවීමට එරට තරුණ ප්‍රගතිශීලි නායක සොන්කෝ හා බසිරූ ෆායි ඇතුළු දේශප්‍රේමී PASTEC ව්‍යාපාරය සමත් වීම තුල එම ජයග්‍රහණය සංකාරා වර්තමානය වන විට අප්‍රිකානු මහාද්වීපයේ තරුණ ප්‍රජාව තුල දැවැන්ත සංකේතයක් බවට පත් වී ඇති බව පෙන්වන කදිම සාධකයකි.
මේ අනුව අප්‍රිකාවේ බොහෝ රටවල විවිධ ස්ථාන වල ඇතැම් විට රාජ්‍ය මැදිහත් වීමෙන්ද, සංකාරා මරා දමා 2024 ඔක්තෝබර් 15 අඟහරුවාදා දිනට යෙදුනු “කපිතාන් තෝමස් සංකාරා ඝාතනයේ 37 වැනි සංවත්සරය” ලෙස නම් කරමින් සමරනු ලැබීය.
එසේම බුර්කිනා පාසෝ විප්ලවයේ පියා ලෙස සලකමින් මරා දැමු කපිතාන් තෝමස් සංකාරා සහ ඔහුගේ විශ්වාසවන්ත සගයන් සිහි කිරීම සඳහා බුර්කිනා ෆාසෝ හි අගනුවරට දහස් ගණනක් ජනතාවකගේ සහභාගිත්වයෙන් තෝමස් සංකාරා ස්මාරකය ඉදිරිපිටට රැස් වී අනුස්මරණ උත්සවයක් සංවිධානය කර ඇති බව ද වාර්තා වේ.
ගෞරවනීය නිදහස් සහ ස්වෛරී බුර්කිනා ෆාසෝ දේශයක් බිහි කර ගැනීම සඳහා නොසැලෙන අරගලයක් සිදු කල තෝමස් සංකාරාගේ සටන සහ දැක්ම ඔහුගේ භාවිතාව “එයතිහාසික සංකේතයක් ” ලෙස පවතින බවත්, එය මාතෘ භූමිය නැවත අත්පත් කර ගැනීමට සහ නව බුර්කිනාවක් ගොඩනැගීමට ඔහුගේ කැපවීම හා අභීත භාවය විසින් පෝෂණය කරනු ලබන බව බුර්කිනා ජනාධිපතිවරයා ජනතාව අමතමින් ප්‍රකාශ කරනු ලැබුවේය. මේ වන විට බුර්කිනා පාසෝ හි සෞඛ්‍යය, අධ්‍යාපනය, කෘෂිකර්මය, ආරක්ෂාව, කේෂ්ත්‍ර ඔස්සේ නව බුර්කිනා දේශයක් බිහි කිරීම සඳහා තමන් කැප වී සිටින්නේ සංකාරා අපේක්ෂා කල අරමුණ ජයග්‍රහණය කිරීමට බව ඔහු සහතික කරමින් කියා සිටියේය.
තෝමස් සංකාරා අනුස්මරණ ජාත්‍යන්තර කමිටුවේ (CIM-TS) සභාපති විශ්‍රාමික කර්නල්-මේජර් Daouda Traoré, තෝමස් සංකාරාට අවශ්‍ය වූ පරිදි බුර්කිනා ෆාසෝ අනාගත දියුණු රාජ්‍යයක් සඳහා වූ නිවැරදි මාවතක නව රජය විසින් ගමන් කරවන බවට තමන් තුල විශ්වාසයක් ඇති බව ප්‍රකාශ කරනු ලැබුවේය.
“ඔහුගේ සටනේ අරුත සහ ඔහුගේ භාවිතාවන් හොඳින් අවබෝධ වන මේ මොහොතේ ඔහු පෙන්වූ ආදර්ශය වෙන කවරදාටත් වඩා හොඳින් ලොවට ඔප්පු වෙමින් පවතිනවා ”යයි ඔහු තවදුරත් අවධාරනය කර සිටියේය.
බුර්කිනා පාසෝ හි නව රජයේ මැදිහත් වීමෙන් වසරකට පෙර ආරම්භ කරන ලද ඔහුගේ සොහොන් ගෙය ඇතුළු අනුස්මරණ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය ඔහු ජනතාවට ඉදිරිපත් කරනු ලැබුවේය. මෙම අනුස්මරණ ව්‍යාපෘතිය මගින් සමාජ-සංස්කෘතික, අධ්‍යාපනික සහ සංචාරක යටිතල පහසුකම් සැලසීම මෙන්ම සමාජ සාධාරණත්වය සහ මානව හිමිකම් ගැන විශ්වාස කරන ලොව සියලු දෙනාගේ රැස්වීම් ස්ථානයක් බවට පත් කරනු ලබන බවට කර්නල් Dauda Traore ජනතාවට සහතික විය.
මෙම නව පරිශ්‍රය බුර්කිනා ෆාසෝ හි ස්වාධීනත්වයේ ආරක්ෂකයා සහ සංස්කෘතියේ ප්‍රවර්ධකයා වන සංකාරාගේ භාවිතාව විසින් වර්තමාන සහ අනාගත පරම්පරාවන්ට විප්ලවීය ආශ්වාදයක් ලබා දෙන මූලාශ්‍රයක් බවට පත් වනු ඇතැයි එරට සංස්කෘතික භාර අමාත්‍ය ජීන් එම්මානුවෙල් ඔඩ්‍රෝගෝ පැවසීය.
තෝමස් සංකාරා සහ ඔහුගේ සගයන් 12 දෙනා ස්මරණය කිරීම සඳහා රජය ගත් සියලු ක්‍රියාමාර්ග ඔහු සිහිපත් කළේය.
ඒවා අතර, කපිතාන් සංකාර “ජාතියේ වීරයා” යන නිලයට උසස් කිරීම, තෝමස් සංකරට උපහාර දිනයක් සංවිධානය කිරීම, සැමරුම් පරිශ්‍රයක් ඉදිකිරීම, ස්මාරකයක් ඉදිකිරීම, ඔහුගේ නමින් රටේ මාවත් නම් කිරීම මෙන්ම 1987 ඔක්තෝබර් 15 වැනිදා ඔහු සමඟ මියගිය තෝමස් සංකාරාගේ සටන් සගයන් 12 දෙනාට උපහාරයක් වශයෙන් බුර්කිනාබේ අගනුවර හි වීදි, රජයේ ගොඩනැගිලි හා මාවත් ඔවුන්ගේ නම් වලින් භෞතිස්ම කිරීම ප්‍රධාන තීරණ වේ.
“දේශපාලන දැක්මක් හා න්‍යායයක් නොමැති හමුදා සාමාජිකයා සමාන වනුයේ දරුණු අපරාධ කරුවෙකුට පමණි” යයි කපිතාන් තෝමස් සංකාරා ලියා තැබුවේය.











