ඊශ්‍රායල හමුදාවට එරෙහිව සාම සාධක භටයන්ගේ සන්නද්ධ ප්‍රතිචාරයකට සහාය දීමට ඉතාලිය සූදානම්!

ඊශ්‍රායල හමුදාවට එරෙහිව සාම සාධක භටයන්ගේ සන්නද්ධ ප්‍රතිචාරයකට සහාය දීමට ඉතාලිය සූදානම්!

දකුණු ලෙබනනයේ රඳවා ඇති එක්සත් ජාතීන්ගේ සාම හමුදාවට (UNIFIL) සහය පිණිස එහි ඉතාලි සොල්දාදුවන් 1,200ක් රඳවා ඇති ඉතාලිය පසුගියදා ඊශ්‍රායල හමුදාව විසින් එහි ඉතාලි කඳවුරු දෙකක් ඇතුළු කඳවුරු තුනකට ප්‍රහාර එල්ල කළ බැවින් ආත්මාරක්ෂාව වෙනුවෙන් සටන් කිරීමේ අයිතිය පිළිගනිමින් නෙතන්යාහු රජයට මිලිටරිමය වශයෙන් ප්‍රතිචාර දැක්වීමට සලකා බලමින් සිටින බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටි. එසේම මෙම අනිසි ප්‍රහාරයත් සමග ඉතාලියේ වෙසෙන යුදෙව් ජාතිකයන්ට එරෙහිව ද ජාතිවාදී ප්‍රහාර එල්ලෙවීමේ ප්‍රවණතාවයද වැඩි වෙමින් පවතී.

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අන්තර්වාර බලකාය වන UNIFIL හි ඉතාලි කඳවුරකට “ඊශ්‍රායල හමුදා දළඹුවා” විසින් හානි සිදු කර ඇති බවට පවසමින් එරට අන්ත දක්ෂිණාංශික මාධ්‍ය විසින් වාර්තා කර සිටින්නේ ඒ නිසා ඉතාලියානුවන් දැඩි කනස්සල්ලට පත්ව සිටින බවටද සඳහන් කරමිනි. ඉතාලියේ බාර්වල, ආපනශාලාවල, “ඉතින් උඹලත් අපට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළාද? යන කතාබහක් සමාජය පුරා පැතිරෙමින් පවතින බව සඳහන් වේ. මේ අතර එරට වෙළඳ ප්‍රජාව හා ජනතාව සඳහන් කරනුයේ “ ඔබේ ජාතිය කුමක් වුවත්, ඊශ්‍රායල රජයට හා හමුදාවට එරෙහිව සිදුකරන ලෝක යුද්ධයකට ගියහොත් අර්බුධය තවත් අවුල් සහගත වනු ඇත, පෙට්‍රල් වැඩි වනු ඇත, ඒ සියල්ල යුදෙව්වන් නිසා සිදුවූවක් යන මතය නිසා ලොව පුරා ආපසු යුදෙව් විරෝධී නව රැල්ලක් ඇතිවිය හැකි බවට සාමකාමී යුරෝපයේ වෙසෙන ඊශ්‍රායෙල් ඩයස්පෝරාව ද අනතුරු අඟවමින් කියා සිටි.

ඉතාලි සමාජය තුල ඇතිවෙමින් පවතින මෙම යුධ කාමී ප්‍රවණතාවය එරට ජනතාව අතර භයානක ලෙස ඉහළ යද්දී රටේ දේශපාලන අධිකාරියද කලබලයට පත්වෙමින් තිබේ. රෝමයේ පාලක අන්ත දක්ෂිණාංශික Giorgia Meloniගේ පක්ෂය වන Fratelli d’Italia හි නිර්මාතෘවරයෙකු වන ආරක්ෂක අමාත්‍ය Guido Crosetto, විසින් ඊශ්‍රායල තානාපති ජොනතන් Peled දැනටමත් කැඳවා ප්‍රශ්ණ කර ඇත. “බරපතල යුද අපරාධවලට තුඩු දිය හැකි එනම් සාම හමුදාවකට එරෙහිව ඊශ්‍රායල සන්නද්ධ හමුදාවන්ගේ සතුරු ක්‍රියා” තරයේ හෙලා දකිමින් තරවටු කිරීම නිසා ඉතාලි ආරක්ෂක ඇමතිවරයා හා තානාපති වරයා අතර රාජතාන්ත්‍රික මට්ටම අබිබිවා ගිය උණුසුම් වචන හුවමාරුවක් සිදු වී ඇති බව වාර්තා වේ.

මේ අතර හිටපු ඉතාලි අගමැති Silvio Berlusconiගේ මරණයෙන් පසුව ඔහුගේ දක්ෂිණාංශික පක්ෂය වන Forza Italia හි නායකත්වය භාරගත් Antonio Tajani, ඊශ්‍රාලයෙන් පැහැදිලි කිරීම් සහ, සියල්ලටත් වඩා, නිල සමාව ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ බලකරමින් සිටි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2000 ජුනි 7 වන දින ලෙබනන් -ඊශ්‍රාල් දේශසීමා නිල් රේඛාව ඔස්සේ UNIFIL හි රඳවා ඇති සාම හමුදාවේ විශාලතම යුරෝපීය කණ්ඩායම වනුයේ ඉතාලි හමුදාවයි. ලෙබනනයේ යොදවා ඇති මෙම භට කණ්ඩායමේ ආසන්න වශයෙන් ඉතාලි සොල්දාදුවන් 1,200 ක් සඳහා විශේෂ ආරක්ෂාවක් ලබා දෙන ලෙස TAJANI එක්සත් ජාතීන්ගේ සංවිධානයට බලකර ඉල්ලා සිටී.

මෙම බලකිරීම මත ඉතාලි අගමැතිනි ජෝර්ජියා මෙලෝනි විසින් බෙන්ජමින් නෙතන්යාහුට දුරකථනයෙන් කතා කර දැඩිව දෝෂාරෝපණය කර ඇති බවත් ඉතාලි පුවත්පත් වලට අනුව, දෙදනා අතර සිදු වූ සංවාදය සම්පූර්ණයෙන්ම සුහදතාවයෙන් තොර වී ඇති බවටද වාර්තා වේ.

මේ අතර ඉතාලිය සහ ඊශ්‍රායලය අතර Friuli කලාපයේ Udine හි පැවැත්වෙන ලීග් ඔෆ් නේෂන්ස් තරඟය ආරම්භ වීමට පැය කිහිපයකට පෙර සඳුදා සවස, ක්‍රීඩාවේ පමණක් නොව දේශපාලන නායකයින් කිහිප දෙනෙකු ද මෙම තරඟය වර්ජනය කරන ලෙස එරට පාපන්දු ලෝලීන්ගෙන් ඉල්ලා සිටියහ. රැස්වීමට සහභාගී වීම ප්‍රතික්ෂේප කිරීම නිසා ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂකයින් 25,000කට සහබාගි විය හැකි වුවත් පාපන්දු තරගයේ අලෙවි වූ ප්‍රවේශපත්‍ර ප්‍රමාණය 12,000ක් පමණක් වූ බවත් එරට පාපන්දු ක්‍රීඩා සම්මේලනය පවසයි.

කෙසේවෙතත් ඉතාලි ජනතාවගේ කෝපය ශක්තිමත් වෙමින් පවතින බවට සඳහන් කරමින් එරට YouGov පර්යේෂණ ආයතනය විසින් කරන ලද සමීක්ෂණයකට අනුව, පලස්තීනයේ 1978 සිට පිහිටුවා ඇති යුදෙව් රාජ්‍යයට සහාය දක්වන්නේ ඉතාලියානුවන්ගෙන් 5% ක් පමණක් බව පෙන්වා දේ. තවත් මත විමසුමකින් කියා සිටින්නේ ගාසා තීරයේ ඊශ්‍රායල ආන්ඩුව විසින් යුදෙව් රාජ්‍යයේ ආරක්ෂා සඳහා යයි පවසමින් සිදු කරන යුද්ධය එරට නීත්‍යානුකූල ප්‍රති ප්‍රහාර දැක්වීම හා හාමස් හා හිස්බුල්ලා විසින් එල්ල කරන ප්‍රහාර සමග සංසන්ධනය කිරීමේදී දැවැන්ත අසමාන බවක් පෙන්නුම් කරන බවට ඉතාලි ජනතාවගෙන් අඩක් විශ්වාස කරන බවයි. අවසාන වශයෙන්, සෑම ඉතාලි ජාතිකයින් 10 දෙනෙකුගෙන් 4 දෙනෙකු ද පවසන්නේ ඊශ්‍රාලය විසින් හිස්බුල්ලා සංවිධානය සමඟ ගැටුම අවසන් කිරීම සඳහා දීර්ඝ කාලීන විසඳුමක් සොයා ගත යුතුව ඇති බවයි.

රෝමය සහ ඊශ්‍රාලය අතර සිදුවෙමින් පවතින මෙම ගැටුම හේතුවෙන් යුදෙව් ප්‍රජාවන් දැඩි ලෙස නියෝජනය වන ඉතාලියේ මිලාන්, ටියුරින් සහ රෝමය යන විශාල නගරවල, දැඩි ජාතිවාදී භීතියක් පැතිරෙමින් පවතී. ඇතැමුන් සිදුවිය හැකි ජාතිවාදී ප්‍රහාර ගැන රහසිගතව කතා කරන අතර ආරක්ෂක විධිවිධාන ශක්තිමත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිති. විශේෂයෙන් දැනටමත් ඉතාලි හමුදාව විසින් යුදෙව් පාසල් හා ආගමික ස්ථාන වලට ආරක්ෂාව ලබා දෙමින් සිටි.

මේ අතර අගමැතිනි Giorgia Meloni ලබන සිකුරාදා ලෙබනනයට යාමට නියමිතව ඇත. මාධ්‍ය අමතමින් ඇය පැවසුවේ ලෙබනනයේ රඳවා ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ භටයින් ඉවත් කිරීම ඇය විසින් තරයේ ප්‍රතික්‍ෂේප කරන බවත්ය. මේ වන විට ඊශ්‍රාල් ප්‍රහාර නිසා ලෙබනන් වැසියන් 1356ක් මිය ගොස් ඇත. මේ අතර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මක්රෝන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියේ ඊශ්‍රාලය 1947 දී පිහිටුවා ගනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තීරණයක් මත බව යන්න නෙතන්යාහු රජය අමතක නොකළ යුතු බවයි.

කෙසේවෙතත් ඇමරිකාවේ පලවන WASHINGTON POST සඟරාව සඳහන් කරනුයේ අගමැති නෙතන්යාහු ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් වෙත සඳහන් කර ඇත්තේ හිස්බුල්ලා හා හා හාමස් සංවිධානයට එරෙහිව තමන්ගේ යුද්ධය දිගටම සිදු කරන බවත්, ඔවුන්ට සහය දෙන ඉරාන හමුදාවටත් පහර දෙන ලබනු බවත්ය. කෙසේ වෙතත් ඇමරිකානු ජනාධිපතිවරයා එයට පිළිතුරු වශයෙන් ප්‍රකාශ කර ඇත්තේ ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වලට හා තෙල් බලාගාර වලට පහර දීම තමන් කිසිදු අනුමතියක් ලබා නොදෙන අතර එවැනි ප්‍රහාර සිදු වුවහොත් තම හමුදා ඊශ්‍රාලයට සහය ලබා නොදෙන බවත්ය.

Facebook
Twitter
LinkedIn