බරටම මූල්‍ය ජාවාරම්වල යෙදුණු විදේශිකයන් සිය ගණනක් අත්අඩංගුවට !

බරටම මූල්‍ය ජාවාරම්වල යෙදුණු විදේශිකයන් සිය ගණනක් අත්අඩංගුවට !

අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය ජාවාරම්වල යෙදී සිටි තවත් චීන ජාතිකයන් 120 දෙනකුගේ කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කණ්ඩායම මහනුවර, කුණ්ඩසාලේ ප්‍රදේශයේ රැඳීසිටිමින්, මූල්‍ය ජාවාරම් සිදු කර ඇත. කාමර 47කින් යුක්ත සුඛෝපභෝගී ප්‍රාසාදයක් කුළියට ගෙන ඔවුන් රැඳීසිටි බව පොලිසිය හෙළි කර ඇත.

අත්අඩංගුවට ගත් මෙම පිරිස සතුව තිබී ජංගම දුරකථන 300ක් සහ පරිගණක යන්ත්‍ර 15ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

Facebook
Twitter
LinkedIn