සමඟි ජන බලවේගයේ නායක, සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් තියුණු සහ ප්‍රබලම ප්‍රහාරය මහා මැතිවරණයට නාමයෝජනා භාර දීමෙන් පසුව එල්ල කෙරෙමින් පවතී.
ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් නාමයෝජනා භාර දී සිටින හිටපු මන්ත්‍රී, අජිත් මාන්නප්පෙරුම සජිත් ප්‍රේමදාසව හඳුන්වා ඇත්තේ, ප්‍රශ්නයකට මුහුණ දිය නොහැකි බියගුල්ලෙක් ලෙස ය. එවැනි පුද්ගලයකු යටතේ තව දුරටත් දේශපාලනය කළ නොහැකි බව ඔහු ප්‍රකාශ කර ඇත.
මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින්, වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ, පසුගිය මැතිවරණයට වඩා මෙවර ජනාධිපතිවරණයේ දී ගම්පහ ආසනයෙන් ඡන්ද 5,000ක් පමණ වැඩිපුර දිනා දුන් බව ය. එසේ තිබිය දී, යටින් හැංගී සිටිමින්, බියගුල්ලකු සේ ක්‍රියා කරන නායකයකු ජනාධිපති කරවීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව ඉල්ලන බවට ප්‍රකාශ කර ඇත.
2,978










