ජාතික ජන බලවේගය හැර අනෙකුත් පිළිගත් දේශපාලන පක්‍ෂ ගණනාවක මහා මැතිවරණයට ඉදිරිපත් කරන ජාතික ලැයිස්තු සම්බන්ධයෙන් ද උග්‍ර ගැටුම් ඇති වූ බව වාර්තා වේ.
මෙම ගැටුම්වලට මූලිකම හේතුව වී තිබෙන්නේ හිටපු මැති, ඇමැතිවරුන් විශාල පිරිසක් ජාතික ලැයිස්තුව මඟින් පාර්ලිමේන්තුවට යාමේ අපේක්‍ෂාවෙන් පසුවීම ය. මහජනතාවගේ දැඩි ප්‍රතික්‍ෂේප වීමට ලක්ව සිටින එම මැති, ඇමැතිවරු මැතිවරණයට ඉදිරිපත් වීමෙන් පලා ගොස් සිටිති.
ඇතැම් අය විසින් මුදල් ගැටලු, තරග කිරීමට ඇති සෞඛ්‍යමය නොහැකියාව සහ දේශපාලනය ගැන කලකිරීම වැනි ව්‍යාජ හේතු ඉදිරිපත් කර තිබේ. මේ අතර ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කර තිබෙන ජාතික ලැයිස්තු කණ්ඩායම පිළිබඳව මේ වන විටත් දැඩි ප්‍රසාදයක් විශ්ලේෂකයන් අතුරින් හිමි වෙමින් පවතී.
2,015










