වැස්සෙන් ගම්පහ යටවෙයි

වැස්සෙන් ගම්පහ යටවෙයි

මේ දිනවල පතිත වන අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම ජලයෙන් යටවී ඇති අතර නගරයේ අතුරු මාර්ගද ජලයෙන් යටවීමට පටන්ගෙන ඇත.

ගම්පහ – ජාඇල මාර්ගය, ඔරුතොට මාර්ගය, ගම්පහ රෝහල අසළ, ගම්පහ – යක්කල මාර්ගයේ ආනන්ද මාවත, ජාඇල පාර බස් නැවතුම් පොළ අසළ, කල්යාණි පාර මෙන්ම නගරේ වීදි යටවීම හේතුවෙන් කඩ සාප්පු බොහෝමයක් සහ නගරයේ උපකාරක පන්ති ආදියද වසාදමා තිබේ.

මාර්ග ජලයෙන් යටවීම නිසා ගම්පහ නගරයට ඇතුලුවන මාර්ගවල අධික වාහන තදබදයක්ද හටගෙන ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්