සජිත් පිලේ අකුණු හතක් පුපුරලා !

සජිත් පිලේ අකුණු හතක් පුපුරලා !

මහා මැතිවරණය සඳහා නාමයෝජනා සකස් කිරිමේ දී සමඟි ජන සන්ධානය තුළ ප්‍රබල ගැටීම් හතක් අවම වශයෙන් සිදු වී ඇති බව මේ වන විට හෙළි වී තිබේ.

දැනට වාර්තා වන අන්දමට මාතලේ දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා සකස් කිරීමේ දී රෝහිණී කවිරත්න සහ රංජිත් අළුවිහාරේ අතර ඇති වූ බරපතළ ගැටීම මෙන් ම රත්නපුර දිස්ත්‍රික්කය වෙනුවෙන් නාමයෝජනා සකස් කිරීමේ දී ඇති වූ හේෂා විතානගේ සහ දමිතා අබේරත්න අතර ගැටීම ද තව දුරටත් වර්ධනය වෙමින් පවතී.

ඊට අමතරව පාඨලී චම්පික රණවක සහ සජිත් ප්‍රේමදාස ඇතුළු සමඟි ජන සන්ධානයේ නායකත්වය අතර ගැටීම ප්‍රබලම මට්ටමක තිබී චම්පික රණවක ඉවත්ව ගියේ ය. ඊට අමතරව තිලකරත්න ඩිල්ෂාන් සහ වඩිවේල් සුරේෂ් ද ඉවත්ව ගොස් ඇත.

එම පක්‍ෂයේ රත්මලාන ආසන සංවිධායක ලෙස සිටි වෛද්‍ය චමල් සංජීව මෙන් ම ටෙලි නාට්‍ය නිළියක වන රුවන්ති මංගලා ද නාමයෝජනා ගැටීමක පැටළී සිටි බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්