මැතිවරණ නීතිය කඩකරමින් පෙළපාලි ගිය සජබ පිරිසට වැඩ වරදියි

මැතිවරණ නීතිය කඩකරමින් පෙළපාලි ගිය සජබ පිරිසට වැඩ වරදියි

නාමයෝජනා භාරදීමෙන් පසු පෙළපාලි පැවැත්වීම මැතිවරණ නීතිය අනුව තහනම් කර ඇති පසුබිමක නීතියට අවත නොවී නාමයෝජනා භාරදීමෙන් අනතුරුව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසළ පෙළපාලියකින් ගමන් කිරීමට උත්සාහ කළ සමගි ජන බලවේගයේ අපේක්ෂකයන් ඇතුළු පිරිසක් පොලිසිය මගින් වළක්වා තිබේ.

මෙලෙස පෙළපාලියකින් ගමන් කිරීමට උත්සාහ කළ පිරිස අතර සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ.සී අලවතුවල සහ අශෝක් අබේසිංහ ඇතුළු පිරිසක් සිට ඇති බවව සඳහන් වේ.

පසුව පොලීසිය විසින් එම පෙළපාලිය නතර කිරීමට කටයුතු කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්