දිනේෂ් සහ පවිත්‍රා අන්තිම අනාථ වෙලා !

දිනේෂ් සහ පවිත්‍රා අන්තිම අනාථ වෙලා !

එවකට සිටි අගමැති, රනිල් වික්‍රමසිංහ මහ බැංකු බැඳුම්කර කොල්ලයට සම්බන්ධ බව සඳහන් කරමින්, පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් පවා ගෙන ආ හිටපු අගමැති, දිනේෂ් ගුණවර්ධන දේශපාලන යාචකයකුගේ තත්ත්වයට පත්ව ඇති බව ‘දේශය’ පුවත් පත වාර්තා කරයි.

එහි සඳහන් කර තිබෙන්නේ දිනේෂ් ගුණවර්ධන පොහොට්ටු පක්‍ෂයේ මහ ලේකම්, සාගර කාරියවසම් ඉදිරියේ දේශපාලන යාචකයකු ලෙස කටයුතු කළ ආකාරයයි. “මට ඔබතුමාලත් එක්ක ප්‍රශ්නයක් නෑ. අපි ඔක්කො ම ජාතික කඳවුරේ ඉන්න කට්ටිය. මම නැවත කැමැතියි, ඔබතුමාලත් එක්ක එකතු වෙලා තරග කරන්න” යනුවෙන් සාගර කාරියවසම් ඉදිරියේ ඉල්ලා සිටි බව එම වාර්තාවෙන් දැක් වේ.

දිනේෂ් ගුණවර්ධන සමඟ එස්. එම්. චන්ද්‍රසේන, ප්‍රසන්න රණතුංග, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන ඇතුළු කිහිප දෙනකු ද මෙම දේශපාලන යාචක තත්ත්වයට පත්ව ඇති බව එම වාර්තාවේ දැක් වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්