තමන් මෙවර මැතිවරණය ඉදිරිපත් නොවන බව එක්සත් ජාතික පක්ෂ හිටපු මන්ත්‍රී නවීන් දිසානායක සඳහන් කරයි.
ඔහු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇති අතර තමන් මෙම තීරණය ගත්තේ, 2024.10.01 දින එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තමා දැක් වූ අදහස් වලට අනුව බවත් එහිදී තමන් සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපති පසුගිය ජනාධිපතිවරණයදි ලක්ෂ 22ක ඡන්දයක් ගෑස් සිලින්ඩර් ලකුණින් තරග කළ ලබාගත් බවත් මෙවර එම ලකුණින්ම තරග කළහොත් සැබෑ එ.ජා.ප අපේක්ෂිකයන්ට අසාධාරණයක් වනු ඇති බව යනුවෙනි.
ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ ලැබුණේ සුළුතර ඡන්ද ප්‍රමාණයක් බවද ඔහු සඳහන් කරයි.
තමන් 2000 සිට පාර්ලිමේන්තු මැතිවරණ හතරකට තරඟ කර ජයග්‍රහණය කළ බවද ඔහු පවසයි.
360










