ලබන නොවැම්බර් 14වැනි දින පැවැත්වෙන පාර්ලිමේන්තු මහා මැතිවරණය වෙනුවෙන් නාම යෝජනා පත‍්‍ර හත්සිය හැටහතරක් (764) ලැබුණු බවත්, එයින් හැත්තෑ හතරක් (74) ප‍්‍රතික්ෂේප කළ බවත් හෙළිවී තිබේ.
මැතිවරණ කොමිෂන් සභාවේ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මේ බව අද (11) දහවල් ප‍්‍රකාශ කරනු ලැබීය.
මේ අනුව මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා විවිධ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 690ක් ඉදිරිපත් කරන ලද නාම යෝජනා පත‍්‍ර වලංගු ඒවා ලෙස බාරගෙන තිබේ. එම නාම යෝජනා පත‍්‍ර අතර, ඉදිරිපත්වී සිටින මුළු අපේක්ෂකයන් සංඛ්‍යාව කොපමණ දැයි මේ වනවිට හෙළිවී නැත.
1,085










