මෙවර පාර්ලිමේන්තුවේ සමගි ජන බලවේගයේ අපේක්ෂකයෙකු මෙන්ම දැදිගම ආසනයේ සංවිධායක ලෙස කටයුතු කරන වසන්ත සේනානායකගේ රියදුරා අද (11) පෙරවරුවේ කැබ්රථයක් සමග ගලපිටමඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය සම්බන්ධයෙන් වන අතර එම රථය පිළිබඳව වැඩිදුරටත් සොයා බැලීමේදී අනුවරණට වී ඇත්තේ එය මාර්ග සංවර්ධන අධිකාරියට අයත් රථයක් බවය.
සමගි ජන බලවේග අපේක්ෂක වසන්ත සේනානායක විසින් තම පුද්ගලික රථය ලෙස භාවිතා කර ඇත්තේ මෙම රථය වන අතර මෙය අංක WP-PC 4755 දරන ෆොර්ඩ් රේන්ජර් වර්ගයේ සිල්වර් පැහැති කැබ් රථයකි.
මෙලෙස අත්අඩංගුය ගෙන ඇත්තේ 131, ඇටානාවත්ත, දුම්මලදෙනිය, වරකාපොල ලිපිනයේ පදිංචි රාජසේකර වඩුගේ සමිර ලක්මාල් ගුණවර්ධන නැමැත්තෙකු වන අතර ඔහුගෙන් වැඩි දුර ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ මෙම වසන්ත සේනානායකගේ පුද්ගලික රථය ලෙස භාවිතා කරන්නක් බවය.
මෙය බේරාගැනීම සඳහා වසන්ත සේනානායක සෘජුවම පොලිස් නිලධාරීන්ට දුරකථන ඇමතුම් ලබාගෙන ඇතැයිද වාර්තාවේ.
ගලපිටමඩ පොලිස් ස්ථානය මගින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.











