ලෝක ආහාර වැඩසටහන ලංකාවට දුන් සහතිකය

ලෝක ආහාර වැඩසටහන ලංකාවට දුන් සහතිකය

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක හා ලෝක ආහාර වැඩසටහනේ නියෝජිත පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) පෙරවරුවේ හමු වී තිබේ.

ලෝක ආහාර වැඩසටහන හරහා මේ වනවිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට එම නියෝජිතයෝ මෙහිදී එකඟ වී ඇත.

මේ වනවිට ශ්‍රී ලංකාවේ ආහාර පිළිබඳ අර්බුදකාරී තත්වය අවම වුවද, අවශ්‍යතා පැන නඟින විටදී නව වැඩසටහන් හරහා ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානීහු ජනාධිපති ලේකම්ට කැමැත්ත පළ කර තිබේ.

ලෝක ආහාර වැඩසටහනේ දේශීය අධ්‍යක්‍ෂ අබ්දුල් රහීම් සිද්දික්, රජයේ හවුල්කාරීත්ව නිලධාරී මුස්තාෆා නිහ්මත්, ලෝක ආහාර වැඩසටහනේ නියෝජ්‍ය නේවාසික නියෝජිත ජෙර්ඩ් රෙබෙල්ලෝ, ජනාධිපති අතිරේක ලේකම් රොෂාන් ගමගේ මෙම අවස්ථාවට එක්ව සිට ඇත.

Facebook
Twitter
LinkedIn