බන්දුල ගුණවර්ධනගේ හොර ගේමක් සම්පූර්ණයෙන්ම ඇනහිටී

බන්දුල ගුණවර්ධනගේ හොර ගේමක් සම්පූර්ණයෙන්ම ඇනහිටී

හිටපු මහාමාර්ග ඇමැති, බන්දුල ගුණවර්ධන මැදිහත් වී රුපියල් කෝටි 15කට අධික අනිසි මුදල් ගෙවීමකට ගෙන ගිය ප්‍රයත්නය සම්පූර්ණයෙන් ම වළක්වා තිබේ.

මේ සම්බන්ධයෙන් අද (27) නිකුත් කරන ලද ‘දිනමිණ’ පුවත් පත තම ප්‍රධාන ප්‍රවෘත්තියෙන් කරුණු හෙළි කර තිබීම විශේෂත්වයකි. පසුගිය කාලයේ ‘දිනමිණ’ පුවත් පත බන්දුල ගුණවර්ධනගේ පෞද්ගලික ගැටලු පවා මුල් පිටුවේ ප්‍රවෘත්ති ලෙස පළ කරනු ලැබී ය. ඔහුගේ ඒ.ටී.එම්. කාඩ් පතෙන් වංචාකාරී ලෙස වෙනත් පුද්ගලයකු මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් ප්‍රවෘත්ති ගණනාවක් මුල් පිටුවේම පළ කර තිබිණි.

එම ‘දිනමිණ’ පුවත් පත අද පළ කර ප්‍රවෘත්තියේ සිරස්තලය ‘හිටපු ඇමැති, බන්දුල ඇතුළු පිරිසට එරෙහි නඩුව – මඟ නැඟුමෙන් ඉදි කිරීම් සමාගමට රුපියල් කෝටි 15ක් ගෙවීම නවත්වයි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්’ යන සිරස්තලයෙන් පළ කර ඇත. මෙපමණ කාලයක් ආණ්ඩුවේ දේශපාලනඥයින්ගේ ප්‍රතිරූප ගොඩනැගීමට යොදාගත් රාජ්‍ය මාධ්‍ය ආයතන ස්වාධීනව කටයුතු කිරීමට මුල පුරා ඇති බව මෙයින් පැහැදිලි වේ.

Facebook
Twitter
LinkedIn