විභාග කොමසාරිස් ජෙනරාල් අනුර එදිරිසිංහගේ සේවා කාලය මාස තුනකින් යළි දීර්ඝ කිරීම පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් ඇතුළු සියලූම කාර්ය මණ්ඩලය කණස්සල්ලට ලක්වී ඇති අතර ජනාධිපතිවරයාගේ දැඩි අවශ්‍යතාවය මත ඔහුගේ සේවා කාලය දීර්ඝ කර ඇති බව හෙළිවේ.
ඔහුගේ සේවා කාලය තුළදී විභාග දෙපාර්තමේන්තුව දැඩි අපකීර්තියට පත්කර ඇති බවද 05 වසර ශිෂ්‍යත්වය විභාගයේ සිට ඉහළම පරිපාලන සේවා විභාග වංචා සහගත තත්වයට හෙළා ඇති බව ඔවුහු පෙන්වා දෙති. එසේම සියලූම විභාග ප්‍රතිඵල නිකුත් කිරීම දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව මෙහෙයවීමට පටන් ගත් බවද ඔවුහු පවසති.
10









