ඇපල් අයිෆොන් බැටරි බහී

 

ඇපල් සමාගම විසින් අලූතින් හදුන්වා දෙන ලද iOS 5 මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාත්මක වෛරසයක් හේතුවෙන්  අයි ෆොන් ජංගම දුරකථනවල ඉතා ඉක්මණින් බැටරියේ ආරෝපණය බැසයාමේ දෝෂයක් හටගෙන ඇත.

මෙම තත්වය අලූතින් හදුන්වා දෙන ලද 4S වර්ගයේ අයි ෆොන්වල පමණක් නොව iPad tablet  වර්ගයේ පරිගණකවලටද බලපා තිබේ. බීබීසිය සදහන් කරන අන්දමට නව මෙහෙයුම් පද්ධතිය විසින් දුරකථනය පාවිචිචි නොකරන අවස්ථාවලදී පවා සෑම පැයකටම බැටරියේ ආයු කාලය සියයට 15කින් අඩුකරයි.

කෙසේ වුවද පසුගිය මාසයේ හදුන්වා දීමෙන් පසු පළමු දින තුන තුළ පමණක් ලක්ෂ 40කට වැඩි අයිෆොන් 4S ජංගම දුරකථන ලොව පුරා අලෙවි වී ඇති බව පැවසේ.

 

Facebook
Twitter
LinkedIn