අර්ථීක අර්බුදයට මුහුණ පා සිටින ග්‍රීසියට යුරෝපා සංගමයෙන් ඉවත් වන ලෙසට දැඩි බලපෑම් එල්ල වෙමින් තිඛෙන බවත් එම තීරණය ගැනීම සදහා ජනමත විචාරණයකින් තීන්දුවක් ගන්නා ලෙසට බල කෙරී ඇති බවත් විදෙස් ආරංචි මාර්ග හෙළි කරයි.
ග්‍රීසිය මුහුණපාන අර්බුදය හේතුවෙන් තම රටවල් බංකොලොත් වනු ඇතැයි බිය ගෙන සිටින යුරෝපා සංගමයේ සෙසු රටවල්, ණය ලබාදීම සඳහා යුරෝ මුදලින් ඉවත්වීම තීරණය කරන ජනමත විචාරණයක් පවත්වීමට ග්‍රීක අගමතිවරයා පොළඹවාගෙන තිබේ. එය දෙසැම්බර් 04වැනි දින පැවැත්වීමට නියමිතය.
කෙසේ වුවද අගමැති පැපැන්ඩි්‍රයෝගේ මෙම තීරණයට ඔහුගේ කැබිනට් මණ්ඩලය තුළින්ම දැඩි විරෝධයක් පළ වී ඇති අතර මුදල් අමාත්‍ය ඉවැන්ජිලෝස් වෙනිසිලෝස් අවධාරණය කර ඇත්තේ ජනමතවිචාරණය මගින් යුරෝපා සංගමය තුළ ග්‍රීසියේ අනාගතය තීරණය වීමට ඉඩදිය නොහැකි බවයි. ග්‍රීසියට ඉතිහාසයේ ආපසු යාමට ඉඩදිය නොහැකි බව කියා සිටින ඔහු කොන්දේසි පැනවීමකින් තොරව පොරෙන්දු වූ සහන ණය වූ යුරෝ බිලියන 08ක මුදල වහා නිදහස් කිරීමට යුරෝපා සංගමය කටයුතු කළ යුතු බව කියා සිටී.
මේ අතර ග්‍රීසියට පමණක් නොව ඉතාලිය හා ස්පාඥ්ඥය යන රටවලටද පටිතද කරගැනීමේ නීති සම්මත කරගන්නා ලෙසට යුරෝපා සංගමය බලකර ඇති අතර දස දහස් සංඛ්‍යාත ජනතාව එම තීරණයන්ට එරෙහිව විදි බැස සිටිති.









