ජනාධිපති මාධ්‍ය ඒකකයේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් වෛද්‍ය නජිත් ඉන්දික පත් කර තිබේ.
හම්බන්තොට රන්න මහා විද්‍යාලයේ සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන වෛද්‍ය නජිත් ඉන්දික කොළඹ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය සම්පුර්ණ කළ අයෙකි. ඔහු කළක් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම් කරු ලෙසද කටයුතු කළේය.
පසුගිය වසර 05 තුළ රජයේ රෝහල් කිහිපයක වෛද්‍යවරයෙක් සහ ආයතන භාර වෛද්‍ය නිලධාරියෙකු ලෙස ඔහු සේවය කර ඇති ඔහු දේශපාලන ක්‍රියාකාරියෙකු ලෙසද කටයුතු කරයි.
890










